COVID-19 වල බළපෑම නිසාවෙන් Tesla සමාගමේ Battery Day event එක කිහිපවරක්ම කල් ගිය බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Million-mile battery තාක්ෂණය ගැන සාකච්ඡා කිරීමට නියමිත Tesla සමාගමේ Battery-Day event එක නැවත වරක් කල් යයි
ජූලි මස 07 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ Tesla සමාගමේ “Battery-Day” event එකසහ Tesla සමාගමේ වාර්ෂික Shareholders’ Meeting එක කල් දැමීමට තීරණය කළ බව එහි CEOවන Elon Musk විසින් Tweet පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා. එයට හේතුව වශයෙන් සඳහන් වන්නේ COVID-19 වසංගත තත්ත්වය හේතු කොටගෙන තවමත් එවැනිවි…

කොහොම නමුත් මේ event එක ඊයේ දිනයේදී පැවැත්වීමට ඔවුන් කටයුතු කර තිබුණු අතර, මේ event එක අතරතුරදී ඇමෙරිකානු ඩොළර් 25,000ක පමණ මිලකට වෙළඳපොලට ඉදිරිපත් කිරීමට නියමිත නව Tesla මෝටර් රථයක් ඇතුළු තවත් නව සොයාගැනීම් සහ Tesla සමාගමේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව තොරතුරු හෙළි කිරීමට එහි ප්‍රධානියා වන Elon Musk කටයුතු කර තිබෙනවා.

Tabless batteries

Tesla සමාගම විසින් ඔවුන්ගේ මෝටර් රථ වලට භාවිතා කරන Li-ion battery දැනට ලබාගනු ලබන්නේ Panasonic සමාගමෙන් වන අතර Tesla සමාගමට අවශ්‍යය තරම් battery නිෂ්පාදනය කිරීමට Panasonic සමාගම අසමත්වීම නිසාවෙන් Tesla Model 3 සහ Model Y යන මාදිලි වන නිෂ්පාදන කටයුතු අඩාල වී ඇති බව පසුගිය වසර කිහිපය පුරාවට වාර්ථා වුණා.

කොහොම නමුත් මේ වන විට ඔවුන්ට අවශ්‍යය tabless batteries තම සමාගම තුලම නිෂ්පාදනය කිරීමට අවශ්‍යය කටයුතු සූදානම් කරමින් පවතින බව Elon Musk ප්‍රකාශ කර සිටියා.

මේ අලුතින් නිෂ්පාදනය කිරීමට නියමිත tabless battery මගින් නිෂ්පාදන වියදම අවම කරගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම, සාමාන්‍යය battery වලට වඩා 6 ගුණයක පමණ බළයක් ලබාගැනීමට හැකියාව ලැබෙන බව ඔහු පෙන්වාදෙනු ලැබුවා.

නව Tesla Model S Plaid මාදිලිය

මේ event එක අතරතුරදී video එකක් ‍දර්ශනය කරමින් Elon Musk ප්‍රකාශ කර සිටියේ Tesla Model S මෝටර් රථයේ නව Plaid මාදිලියක් වෙළඳපොලට නිකුත් කරනු ඇති බවයි.

එය වරක් charge කළ පසු 836km පමණ දුරක් ධාවනය කළ හැකි බවත්, 0 - 60mph (ආසන්න වශයෙන් 96.5km) දක්වා වේගයක් තත්ත්පර දෙකක කාළයකින් ලබාගත හැකි බවත්, මෙය top speed එක පැයට කිලෝමීටර් 322කට ආසන්න ප්‍රමාණයක් (200mph) වන බවත් ඔහු පෙන්වාදෙනු ලැබුවා.

කොහොම නමුත් මෙම මෝටර් රථයෙහි මිළ ඇමෙරිකානු ඩොළර් 139,990ක් වන බවත්, මෙය 2021 වර්ෂයේ අග භාගයේදී වෙළඳපොලට නිකුත් කරනු ඇති බවත් Tesla වෙබ් අඩවිය වාර්ථා කරනවා.

නව කැතෝඩ නිෂ්පාදනාගාරයක්

Tesla සමාගමට අවශ්‍යය කරන battery සඳහා අවශ්‍යය වන කැතෝඩ (cathode) නිෂ්පාදනය කිරීම සඳහා උතුරු ඇමෙරිකාව පාදක කරගෙන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට Tesla සමාගම සූදානමින් සිටින අතර මෙම කර්මාන්තශාලාවෙයි විශේෂත්වය වන්නේ මේ හරහා කිසිඳු ජලය ප්‍රමාණයක් අපතේ යැවීමක්, එසේ නැතිනම් ජල දූෂණයක් සිදු නොවීමයි.

මෙලෙස Tesla සමාගමට අවශ්‍යය කැතෝඩ සමාගම තුළම නිෂ්පාදනය කිරීම හරහා දැනට මිලදීගන්නා කැතෝඩ වලට වඩා 76%ක පමණ මුදල් ඉතිරියක් සිදු වන බවද Elon Musk පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම කැතෝඩ නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන කොබෝල්ට් (cobalt) මූලද්‍රව්‍යය වෙනුවට ආදේශක භාවිතා කිරීම කෙරෙහි Tesla සමාගමේ අවධානය යොමු වී ඇති අතර මීට ප්‍රමුඛ හේතුව ලෙස මොවුන් පෙන්වා දෙන්නේ මේ කොබෝල්ට් නිස්සාරණය කිරීමේදී මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයෙන් බොහෝ පතල් හිමියන් කටයුතු කිරීමයි.

මේ හරහා ද තම battery වලට වියදම් වන මුදල් විශාල වශයෙන් අඩු කරගත හැකි වන Tesla සමාගම පෙන්වා දෙනවා.

මිලෙන් අඩු අලුත් Tesla Car එක

ඉහත සියළු දේ සිදු කිරීමේ මූලික අරමුණ වන්නේ ඕනෑම කෙනෙකුට මිලදීගත හැකි, මිලෙන් අඩු Tesla car එකක් එළිදැක්වීම වන බව Elon Musk ‍විසින් ප්‍රකාශ කෙරෙනු ලැබූ අතර, එය ඇමෙරිකානු ඩොළර් 25,000ක් වැනි මුදලක් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

Tesla සමාගමේ ප්‍රධාන අරමුණ සාමාන්‍යය ජනතාවට දැරිය හැකි මිලකට ලබාගත හැකි මෝටර් රථයක් නිෂ්පාදනය කිරීම වන අතර ඔවුන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ එය මත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.