Google සමාගම විසින් ඔවුන්ගේ Chrome Web Store එක මීට වසර 11කට පමණ පෙර හඳුන්වාදීමට කටයුතු කරනු ලැබූ අතර, මේ වන විට එහි විශාල apps සහ extensions ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.

කොහොම නමුත් මේ වන විට Google සමාගම විසින් මේ Chrome Web Store එක හරහා payment සිදු කිරීමට ලබාදී තිබුණු හැකියාව නවත්වාදැමීමට තීරණය කර ඇති අතර, මේ අනුව Web Store එක හරහා Chrome extensions තවදුරටත් මිලදීගැනීමට හෝ අලෙවි කිරීමට හැකියාව නොලැබී යනු ඇත.

Chrome Web Store payments deprecation - Google Chrome

මේ වසරේ ජනවාරි මාසයේදී Chrome extenstions මිලදීගැනීමේ හැකියාව තාවකාලිකව අවහිර කිරීමට Google සමාගම කටයුතු කළ අතර ඒ පිළිබඳව අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Chrome Web Store එකේ ඇති Paid extensions තාවකාලිකව අත්හිටුවීමට Google සමාගම තීරණය කරයි
Google Chrome භාවිතා කරන්නෙක් නම් Chrome extensions ගැන මේ වන විටත් දන්නවා ඇති. කොහොම නමුත් පසුගිය කාළසීමාව තුළ මේ Chrome Web Store එකේ ඇති Paid extensionමිලදීගැනීමේදී විශාල වශයෙන් වංචනික ගණුදෙනු සිදුවී ඇති බවත්, මේ හේතුව නිසාවෙන්සියළුම paid extensions අත්හිටුවාදැමීමට Google සමාගම තීරණය කර තිබෙනව…

මීට හේතුව වූයේ Chrome Web Store එකේ ඇති Paid extension මිලදීගැනීමේදී විශාල වශයෙන් වංචනික ගණුදෙනු සිදුවීම වන අතර, මේ අනුව අලුතින් paid extensions එකතු කිරීමත්, ඒ වන විටත් එකතු කර තිබුණු paid extensions වලට updates ලබාදීමත් තාවකාලිකව අවහිර කිරීමට Google සමාගම කටයුතු කරනු ලැබුවා.

පසුගිය සැප්තැම්බර් 21 වැනි දින මෙම නිවේදනය නිකුත් කිරීමට Google සමාගම කටයුතු කළ අතර එදින සිට Chrome Webs Store එකට අලුතින් paid extensions ඇතුලත් කිරීමේ හැකියාව අවහිර කිරීමට කටයුතු කරනු ලැබ තිබෙනවා.

එමෙන්ම 2021 වර්ෂයේ පෙබරවාරි මස 1 වැනි දින වන විට දැනට පවතින Chrome extensions (subscriptions) සඳහා ද මුදල් ගෙවීමේ හැකියාව අවහිර කරනු ඇති නමුත් මේ දක්වා නිකුත් කළ license පිළිබඳව දත්ත access කිරීමට තවදුරටත් හැකියාව ලැබෙනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ ආකාරයෙන් ඊළඟ මාස කිහිපය ඇතුලත Licensing API එකද ක්‍රමයෙන් නවත්වාදැමීමට Google සමාගම කටයුතු කරනු ඇති අතර මෙතැන් සිට Chrome Extensions සඳහා මුදල් අය කරගැනීමට වෙනත් ක්‍රමයන් වෙත යොමු වීමට මෘදුකාංග සංවර්ධකයින් හට සිදු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Chrome Developer Blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.