ජූලි මස 07 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ Tesla සමාගමේ "Battery-Day" event එක සහ Tesla සමාගමේ වාර්ෂික Shareholders' Meeting එක කල් දැමීමට තීරණය කළ බව එහි CEO වන Elon Musk විසින් Tweet පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා.

එයට හේතුව වශයෙන් සඳහන් වන්නේ COVID-19 වසංගත තත්ත්වය හේතු කොටගෙන තවමත් එවැනි විශාල හමුවක් පැවැත්වීමට අවසර නොලැබීම වන අතර මීට පෙර අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම "Battery-Day" event එක කල් ගිය දෙවන අවස්ථාව මෙය වෙනවා.

මෙම "Battery-Day" event එකට ලොව පුරා තාක්ෂණික ගවේෂකයන්ගේ අවධානය අවධානය යොමු වීමට ප්‍රධාන හේතුව වනුයේ එහි දී එළිදැක්වීමට නියමිත "million-mile battery technology"යන තාක්ෂණයයි.

විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන වලට ‘සැතපුම්-මිලියන ගණනක්’ ධාවනය කළ හැකි බැටරියක් නිර්මාණය කිරීමට සමත් වෙයි
Tesla, Volkswagen, BMW, Daimler, Honda, Toyota සහ Volvo මෝටර් රථ සදහා ප්‍රධානබැටරි සැපයුම්කරුවෙක් වශයෙන් කටයුතු කරන Contemporary Amperex Technology Co. Ltd.සමාගම [https://en.wikipedia.org/wiki/Contemporary_Amperex_Technology] විසින් සැතපුම් මිලියනයකට වඩා ධාවනය කළ හැකි වැඩි බලයක් සහිත බැටරියක් නිප…

මෙම තාක්ෂණය මගින් නිපදවන බැටරියක ආයු කාලය සැතපුම් මිලියනයක ධාවන කාලයක් දක්වා පවතින බවත්, Tesla සමාගම මේ පිළිබඳව උනන්දුවෙන් පසුවන බවත් මීට පෙර අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

කෙසේ වෙතත් මේ වන විට මෙම "Battery-Day" event එක සහ Tesla සමාගමේ වාර්ෂික Shareholders' Meeting එක සැප්තැම්බර් මස 15 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව Elon Musk නැවත Twitter පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ The Driven වෙබ් අඩවිය භාවිතා කළ හැක.