COVID 19 වසංගතය පැතිරයාමත් සමග ‌‌ලොවපුරා සිටින්නන් තම සම්බන්ධතා වඩාත් සමීපව පවත්වාගෙන යාමට තාක්ෂණය භාවිතයට නැඹුරුව තිබෙන අතර බොහෝමයක් රටවල WhatsApp හා Messenger ගිණුම් අතර ලබාගෙන ඇති video calls සංඛ්‍යාව ‌දෙගුණයකටත් වැඩී වී ඇති බව Facebook සමාගම පෙන්වා දෙනවා.

Facebook Messenger සතුව දැනටම video call පහසුකම පවතින නමුත් එහි එකවර ඇමතුමකට සම්බන්ධ විය හැකි උපරිම සීමාව 6 ක් පමණක් වූ අතර Facebook සමාගම මේ වන විට එම සීමාව 50 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

Messenger Room ලෙස නම් කර ඇති මෙම නව පහසුකමේදී video call එකට join විය හැකි පුද්ගලයින් ඇතුළත් කොට group එකක්, නැතිනම් Room එකක් admin විසින් සකස් කල යුතු අතර මෙහි විශේෂත්වය නම් ඔබට Facebook account එකක් නැතිව වුවත් admin විසින් එවන video call link එකක් හරහා එක click එකකින්ම අදාළ ඇමතුමට සම්බන්ධ වීමට හැකි වීමයි.

ඔබ විසින් නිර්මාණය කල මේ ආකාරයේ Rooms ඔබට ඔබගේ Facebook News Feed, Group සහ Events හරහා Share කිරීමටද හැකියාව ලැබෙනවා.

එමෙන්ම මේ හරහා video call ලබාගැනීමේදී කිසිඳු සීමාවකින් තොරව ඕනෑම තරම් වේලාවක් අදාල call එක පවත්වාගෙන යෑමේ හැකියාව ලැබෙන අතර Messenger Room එකට ඔබ සම්බන්ධ වන්නේ Messenger App එකෙන් නම් AR Effect ඇතුළු App එකේ ඇති නව පහසුකම් භාවිතා කිරීමටද කිසිදු බාධාවක් නැහැ.

එමෙන්ම් ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ඇමතුමෙන් ඉවත් විය හැකි අතර Admin ටද ඔබව ඕනෑම අවස්ථාවක ඇමතුමෙන් මෙන්ම Room එකෙන්ද ඉවත් කල හැකියි. එමෙන්ම ඔබ සම්බන්ධ වී ඇති ඇමතුමට වෙනත් අයට සම්බන්ධ වීමට නොහැකි ලෙස Messenger Room එක Lock කල හැකි වීමද විශේෂත්වයක් වෙනවා.

නමුත් දැනට Messenger Room සතුව end-to-end encryption පහසුකම නැති අතර Facebook සමාගම සඳහන් කරන්නේ ඇමතුමකට 50 ක් තරම් විශාල ප්‍රමාණයක් එකවර සම්බන්ධ වීම නිසා මෙම පහසුකම ලබා දීම සංකිර්ණය කටයුත්තක් බවයි.

නමුත් ඉදිරියේදී Messenger Room සඳහාද end-to-end encryption තාක්ෂණය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ද Facebook සමාගම සඳහන් කොට තිබෙනවා.

Messenger Rooms වල Security සහ Privacy එක පරිහීලකයන්ගෙ පාලනයට යටත්ව නිර්මාණය කර ඇති බව Facebook සමාගම පවසන අතර මෙම සතිය තුල රටවල කිහිපයකට මෙම Feature එක ලබාදෙනු ලබන අතර ඉදිරි සතිකිහිපය තුල අනෙකුත් රටවලටද ලබාදීමට නියමිතය.


මේ අතර Facebook සමාගම විසින් සිය අනෙකුත් සේවාවන් වන WhatsApp, Instagram සහ Facebook වලට ද updates කිහිපයක්ද නිකුත් කර තිබෙනවා.

WhasApp Group Calls

ඉදිරියේදී WhatsApp Group Voice Calls සහ Video Calls සදහා පුද්ගලයින් 08 දෙනකුට සම්බන්ධ වීමට හැකියාව ලැබෙන අතර පෙර පැවැති සේම End-to-end Encryption ක්‍රමය තුලින් පුද්ගලිකත්වය ආරක්ෂිතව පවත්වාගෙන යාමට Facebook සමාගම තවදුරටත් කටයුතු කරයි.

Facebook

Facebook Live Videos වලදී තවත් පුද්ගලයකු Live එකට සම්බන්ද කරගැනීමට ඉදිරියේදී අවස්ථාව ලැබෙන අතර ඒ සදහා පුද්ගල දුරස්ථභාවය ගැටළුවක් නොවන බවත්, ඕනෑම පුද්ගලයෙකු හට ඒ සමඟින් සම්බන්ධ විය හැකි බවත් ඔවුන් නිවේදනය කර තිබෙනවා.

තවද අරමුදල් රැස් කිරීමේ පරමාර්ථයෙන් Live Videos කරනු ලබන්නන්ට පහසුවම පරිදි Donete Button එකක් ලබාදීමට Facebook සමාගම කටයුතු කර ඇති අතර මේ හරහා මුදල් පරිත්‍යාග කරන්නන්ට වඩාත් පහසුවෙන් කටයුතු කිරීමට අවස්ථාව හිමිවන බව Facebook සමාගමේ අදහසයි.

තවත් වැදගත් දෙයක් වන්නේ Limited Data Connection ඇති අවස්ථාවලදී Live Videos නැරඹීමට Audio only option එකක් ලබා දීමට කටයුතු කිරීමය.

Instagram

Live Videos සදහා desktop පරිගණකයක් භාවිතයෙන් සම්බන්ද වී නැරඹීමට මේන්ම comment කිරීමට ද අවස්ථාව ඉදිරියේදී හිමි වන අතර මේ නිසා වඩාත් පුළුල් තිරයකින් නැරඹීමට Instagram පරිශීලකයන්ට අවස්ථාව හිමිවේ.

Live Videos අවසානයේ මේ videos, IGTV වලට Save කිරීමටද හැකියාව ලබාදෙන අතර මේ සමඟින් පැය 24ක කාලයක් ඉක්ම ගියද එම videos save කරගැනීමට හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Newsroom වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.