Microsoft Edge browser එක අද වන විට බොහෝමයක් දෙනා අතර ජනප්‍රියත්වයට පත් වෙමින් පවතින අතර එය දෙවැනි වෙන්නේ Google Chrome වලට විතරක් වීම විශේෂත්වයක් වෙනවා.

Firefox පරදමින් අලුත් Edge Browser එක ජනප්‍රියතම Web Browser අතරින් දෙවැනි ස්ථානයට පැමිණෙයි
Microsoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Edge browser එක වෙනු‍වට Chromium project එක[https://www.chromium.org/] මත පදනම් වුණු අලුත් Edge Browser එකක් හඳුන්වාදීමටකටයුතු කළ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති. Chromium මත පදනම් වුණු Microsoft Edge Browser එක අද දින සිට Windows 10පරිශීලකයන් හට නිකුත…

Microsoft සමාගම විසින් මුලින්ම Edge browser එක windows 10 සඳහා 2015 වර්ෂයේදී හඳුන්වාදීමට කටයුතු කර තිබුණා. එය Internet Explorer web browser එකේ වැඩිදියුණු කළ සංස්කරණයක් වූ අතර එහි අරමුණ වි තිබුනේ පරීශිලකයන් හට වැඩි දියුණු කළ සහ සැහැල්ලු internet browsing experience එකක් ලබාදීමයි.‍

කෙසේ වෙතත්, Microsoft සමාගම බලාපොරොත්තු වූ පරිදි එම browser එකට එතරම් පිළිගැනීමක් නොලැබුණු නිසා, එම සමාගම විසින් පසුගිය වසරේදී Edge සඳහා Chromium පාදක කරගත් නව සංස්කරණයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

Microsoft සමාගම විසින් 2015 වර්ෂයේදි හඳුන්වාදුන් Edge browser එක මෙන් නොව, මෙම නව Chromium පාදක කරගත් Edge browser එක බෙහෙවින් ජනප්‍රිය වීමට පටන්ගත් නිසාවෙන් මේ අලුත් browser එක සඳහා Microsoft සමාගම විසින් නව විශේෂාංග හඳුන්වාදීමට නිරන්තරයෙන් කටයුතු කරනවා.

Microsoft ආයතනය විසින් මේ වන විට Edge හි 86 වන සංස්කරණය හඳුන්වාදී ඇති අතර මෙහිදී නව features රැසක් Edge පරීශිලයන් හට ලබාදීමට කටයුතු කරලා තියෙනවා.

මේ වන විට වාර්තා වන අන්දමට, Microsoft Edge Browser එකේ RAM භාවිතය අවම කිරීම සඳහා Sleeping Tabs නම් වූ නව විශේෂාංගයක් එකතු කිරීමට Microsoft ආයතනය කටයුතු කරන බවට පෙනී යනවා.

Microsoft Edge Browser එකේ RAM භාවිතා අවම කිරීම සඳහා Sleeping Tabs නම් වූ නව විශේෂාංගයක් එකතු කිරීමට සූදානම් වෙයි
Microsoft සමාගම විසින් මුලින්ම Edge browser එක windows 10 සඳහා 2015 වර්ෂයේදීහඳුන්වාදුන් අතර එය Internet Explorer web browser එකේ වැඩිදියුණු කළ සංස්කරණයක් වූමෙහි අරමුණ වි තිබුනේ පරීශිලකයන් හට වැඩි දියුණු කළ හා සැහැල්ලු internet browsingexperience එකක් ලබාදීමයි.‍ කෙසේ වෙතත්, Microsoft සමාගම විසින්…

තවද, Windows 10 මෙහෙයුම් පද්ධතියට පමණක් සීමා වූ Automatic Profile Switching feature එක Edge හි 86 වන සංස්කරණය නිකුත් කිරීමත් සමග Windows 7, 8 සහ 8.1 සඳහාත් සහය දක්වන ලෙස සැකසීමට Microsoft ආයතනය විසින් මේ වෙද්දී කටයුතු කරලා තියෙනවා.

Microsoft Edge හි ඇති InPrivate windows, එහෙමත් නැත්නම් Incognito Mode එක භාවිතා කරන විට ඔබගේ browsing history, cookies, site data, passwords, addresses හා form data ‍ආදිය delete කරන නමුත්, InPrivate මගින් malicious websites වලින් හෝ ad blocking වලින් ඔබගේ browser එක ආරක්ෂා කරන්නේ නැහැ.

Web Browser එකේ තිබෙන Incognito Mode එක හරහා ලැබෙන ආරක්ෂාව පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් මිට පෙර අවස්ථාවකදී අප ඔබ වෙත ගෙන ආවා මතක ඇති.

Web Browser එකේ තිබෙන Incognito Mode එක හරහා ලැබෙන ආරක්ෂාව පිළිබඳව පැහැදිලිව තේරුම් ගනිමු
Incognito mode එක [https://en.wikipedia.org/wiki/Private_browsing] කියන්නේ අපිහැමෝටම වගේ නිතරම භාවිතා කරන්නට වුවමනා වෙන ඉතාම වැදගත් පහසුකමක් බව අමුතුවෙන්කියන්නට වුවමනා නැහැ. කොහොම වුණත් අපි හැමදාම වගේ භාවිතා කරන මේ Incognito mode එක පිළිබඳ නිවැරදිවදැනගෙන සිටීම, මේ හරහා සිදු කරගන්නා කටයුතු වල ආරක…

එමෙන්ම Edge පරිශීලකයන් විසින් Edge add-ons site වල search query එකක් type කිරීමේදී Edge මගින් autocomplete suggestions පෙන්වන නිසා පරිශීලකයන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කර ගන්නත් හැකියාව තියෙනවා.

ඊට අමතරව ඔබ Edge browser එකෙහි save කරලා තියෙන password එකක් යම්කිසි ආකාරයකින් breache වීමකට ලක්වී ඇත්නම් browser එක හරහා ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලබනවා.

Bing Rebates දීමනා මගින් මේ වනවිට search results වලින් ලබා ගත හැකි අතර, විවිධ වෙබ් අඩවි හරහා cashback offers ලබා ගැනීමේදී ගතවන කාලය ඉතිරි කිරීමටද එමගින් හැකියව පවතිනවා.

ඉදිරියේදී vertical tab navigation අත්දැකීම Microsoft Edge browser එකට ලබාදීමට Microsoft ආයතනය කටයුතු කරමින් සිටින අතර එවිට Microsoft Edge browser එක vertical tab navigation පහසුකම ලබා දෙන ලොව එකම/ප්‍රථම browser එක බවටද පත් වෙනවා.

එමෙන්ම Microsoft Edge browser එක Windows, macOS, iOS සහ Android පරිශීලකයන් සඳහා නොමිලේ භාවිතා කිරීමට හැකියාව පවතිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Microsoft වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය සහ Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.