වාර්ෂිකව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) ටොන් 30,700 ක් පමණ ප්‍රමාණයක් cryptocurrency mining නිසා පරිසරයට එක් වන බව Alex de Vries ස​හ Christian Stoll පෙන්වා දී තිබෙනවා.

ගණන් බලා ඇති ආකාරයට එක් bitcoin blockchain එකේ සිදු කරනු ලබන සෑම transaction එකක් සඳහා ම 272g (ග්‍රෑම් 272) ක electronic කුණු ප්‍රමාණයක් පරිසරයට මුදාහැරෙනවා.

ඔවුන් පවසන ආකාරයට cryptocurrency mining මගින් bitcoin නිර්මාණය වුවද ඒ සදහා විශාල වශයෙන් බලශක්තිය අදාල පරිගණක සදහා වැය වෙනවා. එමෙන්ම අධික බලශක්ති පරිභෝජනය හේතුවෙන් මේ වන විට greenhouse gas pollution, එහෙමත් නැතිනම් විශාල වශයෙන් හරිතාගාර වායු පරිසරයට එකතුවීම හරහා හරිතාගාර ආචරණය සිදුවන බවයි.

මෙහි භයානකම තත්ත්වය වන්නේ පසුගිය වසර (2020) වර්ෂයේ Bitcoin සඳහා වැය වූ මුළු විදුලි පරිභෝජනය (67 TW/h), මෙම වසරේ (2021) දැනටමත් (95.68 TW/h) අභිබවා යෑමට කටයුතු කර තිබීමයි.

කෙසේ වෙතත් මෙම ඩිජිටල් අපද්‍රව්‍ය (e-waste) සදහා ප්‍රධානම හේතුවක් වන්නේ cryptocurrency mining සදහා යොදාගන්න පරිගණක ඉක්මනින් ඉවත් කිරීමයි. එමගින් විශාල ප්‍රමාණයක පරිගණක අපද්‍රව්‍යය ප්‍රමාණයක් පරිසරයට එකතු වීමයි.

මෙම පර්යේශනය සිදු කරනු ලැබූ පිරිස පවසන ආකාරයට Bitcoin mining සදහා භාවිතා වන පරිගණක උපාංග අවුරුද්දකුත් මාස 3ක් වැනි කෙටි කාලයකින් කසල ලෙස බැහැර කරනු ලබනවා.

Bitcoin mining කරනු ලබන පිරිස අතර විදුලිය සදහා යන පිරිවැය ද ඉහළ බැවින් ඔවුන් වැඩි කාර්යක්ශමතාවයකින් යුතු processors භාවිතයට නැඹුරු වී තිබෙනවා. ඒ අනුව මොවුන් විසින් Application-specific Integrated Circuits (ASICs) නම් වැඩි කාර්යක්ශමතාවයකින් යුතු චිප් භාවිතා කිරීමට යොමු වී තිබෙනවා. එමෙන්ම මෙම පර්යේශනය සිදු කරනු ලැබූ පිරිස පවසන ආකාරයට මෙම චිප නැවත වෙනත් කාර්යයන් සදහා යොදා ගැනීමට අපහසු අතර මේවා ඉවත දැමීමට සිදුවන බවයි.

නමුත් ඔවුන් වැඩි දුර පෙන්වා දෙන්නේ මෙම චිප් නැවත භාවිතා කිරීමට නොහැකි වුණත් මෙම චිප් සදහා භාවිතා වන metal casing ස​හ aluminium heat-sink ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් මෙම අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කර ගත හැකි බවයි.

බොහෝ කර්මාන්ත ගෝලීය ලෙස චිප් හිගයකට මේ වන වි​ට මුහුනපා ඇ​ත. මෙම පිරි​ස යෝජනා කරන්නේ විද්‍යුත් අපද්‍රව්‍ය ගැටලුවට එක් විසඳුමක් නම් බිට්කොයින් ගනුදෙනු තහවුරු කරන ක්‍රමය වෙන​ත් අඩු පරිගණක බලශක්තියක් වැය වන පද්ධතියක් වෙත යොමු කිරීමයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා BBC News වෙබ් අඩවිය සහ Business Insider වෙබ් අඩවිය භාවිතා කළ හැක.