මේ වෙනකොට ලෝකයේ සිටින විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයින් පස් දෙනා පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයින් පස් දෙනා ගැන දැනගනිමු
1973දී Martin Cooper [https://en.wikipedia.org/wiki/Martin_Cooper_(inventor)] මහතා විසින් ජංගම දුරකථනය නමැති උපාංගය ලොවට හඳුන්වාදීමෙන් අනතුරුව ගතවූ අඩ සියවසකටආසන්න කාලය තුළ එය ලොව වැඩියෙන්ම නව්‍යකරණය වූ ඉලෙක්ට්‍රොනික උපාංගය බවට පත් වීතිබෙනවා. කලින් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට පමණක් සීමා වී තිබූ ජං…

නමුත් ලොව ඇතැම් සමාගම් ජංගම දුරකතන නිෂ්පාදනය කරන්න ගිහින් අසාර්ථක වෙලා පසුව එය අතහැර දැමීමට කටයුතු කළ බව ඔබ ඇතැම් විට නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අද අපි ඔබට කියන්නට යන්නේ එහෙම විවිධ හේතු නිසා ජංගම දුරකතන නිෂ්පාදනය අතහැර දමපු සමාගම් කිහිපයක් ගැන.

නමුත් මෙහිදී කියන්නට තිබෙන විශේෂම දේ තමයි, මේ ඇතැම් සමාගම් ජංගම දුරකථන නිෂ්පාදනය අතහැර දැමුවත් වෙනත් ක්ෂේත්‍ර වලින් තාක්ෂණික ලෝකය ආක්‍රමණය කර තිබෙනවා.

Microsoft Mobile

Bill Gates මහත්මයාට අයිති මෙම සමාගම Windows මෙහෙයුම් පද්ධතිය සහ Microsoft Office package එක ඇතුළු තවත් විශාල පරාසයක සේවාවන් සපයන ලොව තිබෙන ප්‍රමුඛතම සමාගමක් වෙනවා.

Microsoft Mobile කියලා කියන්නේ Microsoft සමාගමේ Mobile Phone Division එකයි. Microsoft සමාගම විසින් Windows Phone සඳහා වෙනම Windows mobile phone OS එකක් භාවිතා කළ අතර 2010 දී පමණ එය නවතා දැමීමට කටයුතු කලා.

ඒ වගේම එවකට පාඩු ලබමින් තිබුණු Nokia සමාගමත් සමග නව හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීමෙන් පසුව Microsoft සමාගම විසින් Nokia Lumia නමින් Mobile phone series එකක් නිකුත් කළා ඔබට මතක ඇති.

2011 සිට 2014 දක්වාම Nokia Lumia කියලා නිකුත් වුණ මේ Mobile phone series එක 2014 ඉඳන් Microsoft Lumia නමින් නිකුත් කරන්නට පටන් ගත්ත අතර ඒකට හේතුව වුණේ Microsoft සමාගම විසින් Nokia හි Mobile Phone business එක මිලදීගැනීමයි.

Microsoft ලෙස Re-Brand Lumia දුරකතන

කොහොම වුණත්, Lumia phone වල තිබුන සංකීර්ණ Windows UI එක Mobile phone වගේ පොඩි තිර වලට නොගැලපුන අතර කාලයත් එක්ක Phone එක බරපතළ විදිහට Slow වෙන්න ගැනීම, ඊට පස්සෙ Windows Store එකේ තිබුණ App හිඟකම, ගොඩක් Lumia phone plastic body එකකින් ආපු නිසා පාරිභෝගික ආකර්ෂණය අඩු වීම, එතකොට Android, iOS සමඟ ආපු iPhone 6/ Galaxy වගේ Phone එක්ක Features අතින් තරඟ කරන්න නොහැකිවීම වගේ දේවල් එක්ක Lumia phone වල අලෙවිය සීඝ්‍රයෙන් අඩුවීම සිදු වුණා.

අවසානයේ 2017 වසරේදී Microsoft සමාගම මේ Mobile phone business එක නවැත්වීමට තීරණය කළ අතර සේවකයන්ද ටිකෙන් ටික ඉවත් කිරීමට කටයුතු කළා.

Amazon

Amazon සමාගම විසින් ජංගම දුරකතන නිෂ්පාදනය කලා කිවුවහම සමහරුන්ට නම් ටිකක් පුදුම හිතෙන්න පුළුවන්. මොකද amazon සමාගම පිළිබඳව බොහෝ දෙනා දන්නේ A වල ඉඳන් Z වෙනකම් ලෝකේ තියෙන ඕනෙම භාණ්ඩයක් මිලදී ගන්න පුලුවන් Amazon Website එක විතරක් නිසා.

නමුත් Amazon කියල කියන්නේ Cloud Computing, e-commerce, Artificial intelligence, Consumer electronics, Digital Distribution සහ Self Driving car වගේ තාක්ෂණයන් රැසක් සහිත සමාගමක්.

මෙම ව්‍යාපාරය වැඩි දියුණු කිරීමේ අරමුණින් ඔවුන් ජංගම දුරකථන නිෂ්පාදනයටද යොමු වුණ අතර 2014 දී තමන්ගේ පළමු දුරකතන මාදිලිය ලෙස Amazon fire දුරකථනය නිකුත් කිරීම සිදුකළා.

Jeff Bezos, Amazon Fire දුරකතනය සමඟ

Android OS එක පදනම් කරගෙන නිර්මාණය කරන ලද Amazon Fire OS එක ඔස්සේ බලගැන්වුනු මෙම ජංගම දුරකථනයට ආරම්භයේ සිටම එතරම් විශාල පාරිභෝගික ප්‍රතිචාරයක් හිමි නොවුනු අතර, ඒ නිසාම නිකුත් කරලා ඉතාම කෙටි කාලයක් තුළ දුරකථනයේ මිල $299 සිට $99 ක් දක්වා අඩු කරන්නට ද Amazon සමාගමට සිදු වුණා.

2014 වෙනකොට iOS සහ Android මෙහෙයුම් පද්ධති වලින් බලගැන්වෙන ජංගම දුරකථන බොහෝ සාර්ථක වී තිබූ අතර ඒවා සමග තරඟ කිරීමට මෙම Amazon fire OS එකට හැකියාවක් තිබුණේ නැහැ.

අනෙක් අතට Wi-Fi Connectivity issues, අධික ලෙස රත් වීම, බැටරි ආයුකාලය ඉතා අඩු වීම, Text,Call සහ Network Connection ක්‍රියා නොකිරීම, Sim පත් අක්‍රිය වීම, Amazon Store හි App හිඟකම ආදී ගැටළු රැසක් මෙම දුරකථනයේ ඇති බව පාරිභෝගිකයන් විශාල ලෙස පැමිණිලි කරන්නටද වුණා.

මේ නිසා නිෂ්පාදනය කළ පළමු දුරකථනයම අසාර්ථක වීම සිදු වුණ අතර මේ නිසා Amazon සමාගම ජංගම දුරකතන නිෂ්පාදනය අතහැර දැමූ අතර අද වනතුරුම නව Amazon දුරකථනයක් නිකුත් කිරීමක් ගැන තොරතුරු වාර්තා වන්නේ නැහැ.

නමුත් අදටත් ඔබට Amazon නමින් වෙළඳපොලටඑන Tab මාදිලි නම් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.

Essential

Andy Rubin මහත්මයාගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු මෙම සමාගම විසින් තමයි ලෝකයේ පළමු වාණිජමය Notch Design mobile phone එක නිකුත් කලේ. ඒ තමයි Essential PH 1 දුරකථනය.

ලෝකයේ ඊට පස්සෙ නිකුත් වුණ විවිධ Design වල Notch වලට පදනම වැටුණේ මෙන්න මේ PH 1 දුරකථනය හරහායි.

Essential PH 1 ජංගම දුරකථනය

2017 දී Android 7 එක්ක නිකුත් කරපු මේ ජංගම දුරකථනය මේ වෙනකොට Android 10 ධාවනය වෙනවා.

නමුත් මේ PH 1 mobile phone එක සඳහා සදහා සියළුම ආකාරයේ Software සහ Hardware සහාය නවත්තන බව Essential සමාගම මීට මාස කිහිපයකට කලින් නිළ වශයෙන් සඳහන් කළා වගේම අපිත් ඒ පිළිබඳව ඔබව දැනුවත් කළා.

Android නිර්මාතෘවරයාගේ ජංගම දුරකතන සමාගම වූ Essential සමාගම වසා දැමීමට කටයුතු කරයි
Android මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරයා වූ Andy Rubin විසින් ඔහුගේම ජංගම දුරකථනසමාගමක් ආරම්භ කළ බවත්, Essential PH-1[https://en.wikipedia.org/wiki/Essential_Phone] යනුවෙන් ජංගම දුරකථනයක් මීට වසරකිහිපයකට පෙර නිකුත් කිරීමට කටයුතු කළ බවත් ඔබ දැනටමත් දන්නවා ඇති. මේ ජංගම දුරකථනය නිකුත් කළ වසරේ සිට මේ …

මේ දුරකථනයෙත් Touch Issues, Stock available නැති වීම, පාරිභෝගිකයින්ගේ පුද්ගලික දත්ත Leak වීම වගේ තවත් දුර්වලතා රැසක් මේ Mobile phone එකේ හඳුනා ගත්තා.

මේ නිසා Essential PH 1 එකේ නිෂ්පාදන කටයුතු ද නවතා දැමුණු අතර Essential PH 2 එකක් ගැන විස්තර අන්තර්ජාලය තුළ සඳහන් වෙන්නෙත් නැහැ.

මේ නිසා Amazon වගේම නිකුත් කරපු පළවෙනි දුරකථනයෙන්ම,දුරකථන නිෂ්පාදනයෙන් සමුගත්ත තවත් සමාගමක් විදිහට Essential සමාගම හඳුන්වන්න පුළුවන්.

LG

LG පිළිබඳව නම් අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍යත් නැති තරම්. ඒ තරම්ම ලාංකික අපට වගේම මුළු ලෝකයටම LG හුරු නමක්.

feature phone රාශියකට පස්සේ, LG සමාගම සිය පළමු capacitive touchscreen දුරකථනය 2007 දී නිකුත් කළ අතර එය LG Prada ලෙස හැඳින්වුණා.

එවක ඉතා ජනප්‍රිය වී තිබූ Symbian OS එක සමග නිකුත් වුණු එම ජංගම දුරකථනය මුලදී , iPhone එකද අභිබවා ජනප්‍රිය වූ නමුත් පසුකාලීනව ජනප්‍රියත්වය ක්‍රමයෙන් හීන වී ගිය දුරකථනයක් බවට පත්වුණා.

ඒ වගේම 2009 සිය පළමු Android ජංගම දුරකථනය ලෙස LG GW620 හඳුන්වාදීමට ද සමාගම කටයුතු කළා. ඒ වගේම Pure Android සමගින් Google සමාගම නිකුත් කළ  Nexus 4 හා Nexus 5 යන ජංගම දුරකථන දෙකම නිෂ්පාදනය කළේද LG සමාගමයි.

LG Optimus, LG G series, LG V series, LG K series, ආදී ලෙස සාර්ථක ජංගම දුරකථන මාදිලි රැසක්ම නිකුත්කරන්නට LG සමාගම කටයුතු කළ අතර, ඒ අතරින් Curved OLED තිරයක් සමග නිකුත් කළ LG G Flex මෙන්ම Leather back එකක් සමඟ නිකුත් කළ LG G4 ද අතිශය ජනප්‍රියත්වයට පත් වුනා.

එමෙන්ම කොටස් ගැලවිය හැකි(Modular) දුරකථනයක් ලෙස LG G5 නිකුත් කෙරුණු අතර, 2015 දී LG V series එක, LG V10 නමින් නිකුත් කිරීමට කටයුතු කල අතර, LG V60 ThinkQ නමින් එහි අවසාන මාදිලිය 2020 පෙබරවාරි වලදී හඳුන්වාදීමට LG සමාගම කටයුතු කලා.

LG සමාගම ඔවුන්ගේ smartphone නිෂ්පාදන ව්‍යාපාරය වියට්නාම සමාගමකට විකුණාදැමීමට සූදානම් වන ලකුණු
Samsung සමාගම හැරුණු විට දකුණු කොරියාවේ අනෙක් විශාලතම ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදකයා වන LG සමාගම විසින් සිය ජංගම දුරකථන ව්‍යාපාරය වියට්

LG Wing, LG rollable නවතම සංකල්පයන් හඳුන්වාදීමට LG සමාගම කටයුතු කලත් පසුකාලීනව ව්‍යාපාරයක් ලෙස ශක්තිමත් වන්නට මෙම නව සංකල්පයන් සමඟින් උවත් LG සමාගමට නොහැකි උනු අතර, ඊට හේතුව වූයේ නැගී එමින් තිබූ චීන ජංගම දුරකථන වෙළඳනාම සමඟ තරග කරන්නට සමාගමට නොහැකි වීමයි.

නව්‍යකරණයේ විස්මය - LG Wing, මෙය මෙම ආකෘතියේ ලොව ඇති එකම Android දුරකතනයයි

මේ නිසා LG දුරකථන අලෙවිය සීග්‍ර ලෙස පහත බැසීම සිදු උනු අතර වරෙක සිය ව්‍යාපාරය වියට්නාම සමාගමකටද අලෙවි කිරීම සූදානම් වූ නමුත් එයද පසුව අතහැර දැමුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස 2021 අප්‍රේල් මාසයේදී සිය ජංගම දුරකථන ව්‍යාපාරය වසා දැමීමට LG සමාගම කටයුතු කරනු ලැබුවා.


ඉතින් අද අපි ඔබට කිව්වේ ජංගම දුරකථන නිෂ්පාදනය කරන්න ගිහින් අසාර්ථක වෙලා පස්සේ ඒක අතහැර දාපු සමාගම් කීපයක් ගැන විතරයි. නමුත් ලෝකෙ තාක්ෂණික ඉතිහාසය අවුස්සල බැලුවොත් තවත් මේ වගේ සමාගම් රැසක් හොයාගන්නට පුළුවන්.

Palm, Red, Blackberry වගේ සමාගම් මේ විදිහට අසාර්ථක වුණ තවත් සමාගම් කීපයකට උදාහරණ කීපයක් විතරයි. ඒ වගේම කාලයක් අතිශය සාර්ථක වෙලා තිබුණ ZTE, HTC, Nokia, Motorola වගේ සමාගම් වුණත් අද වෙනකොට කලින් තරම් කැපී පෙනෙන සමාගම් නෙවෙයි.

මේ වගේ අසාර්ථක වුණු තවත් ජංගම දුරකථන සමාගම් පිළිබඳව මීටත් වඩා විස්තර ඔයත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්න අමතක කරන්න එපා.