Windows 11 නිකුත් වීමට පෙර බොහෝ දෙනා පැවසුවේ, Windows අලුත් version එකක් නොමැතිව Cloud Windows OS එකක් ලෙස Microsoft ආයතනය විසින් ඉදිරියේදි එලි දක්වයි කියලා. කෙසේ නමුත් Windows 11 නිකුත්වීමත් සමග එම අදහස අප සැමගේ සිත් වලින් ගිලිහී ගියා. නමුත්  එම සංකල්පය Microsoft ආයතනය විසින් මේ වන විට එලිදක්වා තිබෙනවා.

Windows 365 කියූ සැනින් අපගේ මතකයට නැගෙන්නේ  Microsoft Office 365 සේවාවයි. මෙහිද අපට Microsoft Office එක අන්තර්ජාල සබඳතාව යටතේ භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. මෙහිදී අපි සිදු කරන ක්‍රියාවලිය අපගේ Microsoft Cloud Storage එක වන OneDrive එක තුළ Save වෙනවා. කොහොම නමුත් මෙය Windows 365 සමඟින් සෘජුවම සම්බන්ධයක් නැති බව තේරුම් ගත යුතු වෙනවා.

Windows 365

Windows 365 සේවාව පසුගිය අගෝස්තු 2 වන දා Microsoft ආයතනය විසින් නිකුත් කරනු ලැබූ මෙම සේවාව හරහා අපට අන්තර්ජාල සබඳතාව භාවිතා කර web අඩවියකට පිවිසෙනවා මෙන් Cloud Computer එකක් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

Cloud PC එකක් යනුවෙන් සරලව අදහස් කරන්නේ, ලෝකයේ වෙනත් තැනක ඇති Server එකක අපටම වෙන්වුණු පරිගණකයකි. අපගේ නිවසේ ඇති භෞතික පරිගණකය සහ අන්තර්ජාල සබඳතාවක් භාවිතා කරමින් අපට අපගේ Virtual Computer එසේත් නොමැතිනම් Cloud PC එක භාවිතා කරන්න පුලුවන්.

මීට පෙර මෙවැනි Cloud PC එකක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය Servers විවිධ සමාගම් විසින් ලබාදී තිබුණත් සාමාන්‍ය පරිඝණක දැනුමක් ඇති පුද්ගලයෙකුට එය නිර්මාණය කර ගැනීම අසීරු කාර්යයක් වුණා.

Google Cloud, Amazon Web Services, Microsoft Azure, Oracle Cloud Infrastructure වගේ service provider ලා හරහා අපිට Windows server එකක් මිලදීගෙන ඒක සාමාන්‍ය පරිගණකයක් වගේ භාවිතා කරන්න අපිට හැකියාව තිබෙනවා.

නමුත් අපට මෙම Windows 365 සේවාව හරහා ඉතා පසුවෙන් ඉතා සරලව විශේෂාංග ගණනාවක් යටතේ Cloud PC පහසුකම අත්විදීමට හැකියාව ලැබෙනවා.

Cloud PC හරහා අපට බොහෝ වාසි රැසක් ලැබෙනවා

අපට powerfull computer එකක් නොමැති වුවත් අන්තර්ජාල සබඳතාවක් යටතේ අපිට heavy softwares වැනි දෑ භාවිතා කිරීමට හැකියාව මේ හරහා ලැබෙනවා.

අපි download කරන install කරන සියලුම දේ cloud server එකෙහි storage එකට save වෙන නිසා, අපි භාවිතා කරන සාමාන්‍ය පරිගණකයට ගොඩක් ලොකු storage අවශ්‍ය වන්නේ නෑ.

ඒ වගේම අපිට Windows Operating System එක භාවිතා කිරීමට හැකියාව ලැබෙන්නේ එය ස්ථාපනය කළ හැකි  (Laptop , Desktop) Device එකක පමණයි. නමුත් අපිට මෙම Windows 365 සේවාව හරහා සාමාන්‍ය Username එකක් සහ Password එකක් භාවිතා කරලා ඕනෑම තැනක සිට ඕනෑම උපකරණයකින්, ඒ කියන්නේ අප අත ඇති ජංගම දුරකථනයෙන් පවා අපගේ Virtual Computer එක Access කිරීමේ හැකියාව ලැබෙනවා.

ඔයා නිතරම එහේ මෙහේ යන කෙනෙක් නම්, ඔයාගේ laptop එක සහ ඔයාගේ පරිගණකයේ තියෙන files ටික හැම තැනම අරගෙන යන්නෙ නැතුව මේ virtual PC එකේ save කරල තියලා, යන එන ඕන තැනකදි ඕන device එකකින් web browser එක විතරක් use කරලා ඒ files access කරන්නත් ඔයාට හැකියාව ලැබෙනවා.

ඒ වගේම මොනවා හරි හැම වෙලාවෙම run වෙන්න ඕනි software එකක් වගේ දෙයක් run කරලා තියන්නත් මේක ඉතාමත් හොඳ ක්‍රමයක්.

(නමුත් ශ්‍රී ලංකාව ලෝකයේ දුර්වලතම අන්තර්ජාල සබඳතා ඇති රටවල් 10 අතරට පත් වූ බව Varuna Prabath  සහෝදරයාගෙ ලිපියෙන් ඔබ දැන ගන්න ඇති.)

ලෝකයේ දුර්වලම Mobile අන්තර්ජාල වේගයන් ඇති රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්වී ඇති බව 2021 ජූලි Ookla Speed Test වාර්තාව පෙන්වා දෙයි
ලොව පුරා අන්තර්ජාල වේගය පිළිබඳ දත්ත සපයන සුප්‍රකට Ookla වාර්තා මාලාවේ 2021 ජූලි මාසයට අදාළ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙන අතර එයට

Windows 365 සේවාව ඔබට පහළ ඇති link එක හරහා Microsoft Official වෙබ් අඩවිය තුළින් ලබා ගැනීමේ හැකියාව තියනවා. මිලදී ගැනීමේදී ඔබට අවශ්‍ය ලෙස RAM , Storage වැනි දේ කළමනාකරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

Windows 365 Cloud PC | Microsoft
Stream your desktop, apps, settings, and content from the Microsoft cloud to any device and have a personalized Windows experience wherever you are.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා  PCMag  වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.