සෑම මාසයක මුල් දින 5 ඇතුලත Android මෙහෙයුම් පද්ධතියේ ඊට කලින් මාසයේදී හඳුනාගෙන fix කරන ලද security vulnerabilities වලට patches සහිත update නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරනු ලබනවා.

Google Nexus හෝ Pixel වැනි මාදිලි වල ජංගම දුරකථන භාවිතා කරන්නන් හට මාසිකව මෙය ලබා දීමට Google සමාගම විසින් කටයුතු කලද, අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදකයින් විසින් තමන්ගේ පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව එතරම් සැළකිලිමත් වන බවක් පෙනෙන්නට නැහැ.

වසර ගණනාවක් තිස්සේ පැවැති මෙම තත්ත්වය මගහරවා, අලුතින් නිෂ්පාදනය කරනු ලබන Android ජංගම දුරකථන වලට, අදාල දුරකථනය වෙළඳපොලට නිකුත් කර අවම වශයෙන් වසර දෙකක් වත් ගතවන තුරු මේ Security updates ලබා දීම අනිවාර්යය කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

‍Android මෙහෙයුම් පද්ධතිය හා Google Services තම ජංගම දුරකථන වලට ඇතුලත් කිරීමේදී Google සමාගම සමඟ එකඟ වන ගිවිසුමට මෙය ඇතුලත් කිරීමට ඔවුන් කටයුතු කර ඇති අතර, මේ අනුව අදාල දුරකථනය නිකුත් කර පළමු වසර ඇතුලත අවම වශයෙන් මෙවැනි security updates 4ක් වත් ලබා දිය යුතු බව සඳහන් වෙනවා. දෙවැනි වසර තුලදී ලබා දිය යුතු updates ප්‍රමාණය ගැන හරි හැටි සඳහනක් නැතත් අවමය වසර දෙකක් පුරාවට මෙවැනි updates ලබා දීමට දුරකථන නිෂ්පාදකයින් මේ හරහා එකඟ වෙනවා.

මේ අලුතින් එකතු වුණු වගන්තිය අනුව 2018 වර්ෂයේ ජනවාරි 31 වැනිදා සිට නිෂ්පාදනය කරනු ලැබූ සියළුම devices වලට මෙලෙස updates ලබා දිය යුතු වන අතර පසුගිය ජූලි 31 වැනිදා සිට 75%ක් වැනි ප්‍රමාණකය දුරකථන නිෂ්පාදකයින් මෙලෙස තමන්ගේ දුරකථන මාදිලි වලට updates ලබා දීමට කටයුතු කරනු ලැබ ඇති බව දැනගන්නට ලැබෙනවා.

මෙම ගිවිසුම හරහා ආවරණය වන සියළුම devices සඳහා updates නිකුත් කිරීමට කාල සීමාවක් ද පනවා ඇති අතර දින 90ක් ඇතුලත මෙලෙස security updates ලබා දීම පැහැර හරින්නේ නම්, මීළඟට නිෂ්පාදනය කිරීමට සූදානම් වන devices සඳහා අනුමැතිය නොදී සිටීමට ද Google සමාගම කටයුතු කරනු ලබන බවත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා xda-developers වෙබ් අඩවිය හා theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.