වරෙක ලොව තුන්වන විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයාව සිටියත් අඛණ්ඩව වසර 6 ක් තිස්සේ පාඩු ලබමින් තිබූ සිය ජංගම දුරකථන ව්‍යාපාරය නිල වශයෙන් වසා දැමීමට LG සමාගම තීරණය කිරීම, LG දුරකථන ලෝලීන් කලකිරවීමට සමත් වූ පුවතක් වුණා.

මේ සමඟින් බොහෝ දෙනාට ඇති වූ ගැටළුවක් වූයේ දැනට නිකුත් කර ඇති දුරකථන සඳහා software updates දිගටම ලැබෙනවාද නැද්ද යන්නයි.

මෙයට පැහැදිලි පිළිතුරක් LG සමාගම විසින් ලබාදී තිබෙන අතර, ඒ අනුව සුදුසුකම් ලත් LG උපාංග සඳහා Android 11 update එක ලැබෙනු ඇති අතර, වාර්තා වන පරිදි LG සමාගම Andoid 12 version එකද ඇතැම් උපාංග වලට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ස්ථීරව ප්‍රකාශ කල නොහැකි වුවත්, පසුගිය වසරේ නිකුත් වූ LG Wing, LG Velvet මෙන්ම ඇතැම් විට LG V60 ThinQ ආදී උපාංග සඳහා Andoid 12 ලැබෙනු ඇති බව අනුමාන කෙරෙනවා.

එමෙන්ම තවත් වසර කීපයක් යනතෙක් security patch updates ලබාදීමටද LG සමාගම කටයුතු කරනු ඇති අතර, එය කොපමණ කාලයක් සඳහාද, කුමන රටවලද යන්න පිළිබඳ තොරතුරු ඉදිරියේදී LG සමාගම විසින් සඳහන් කරනු ඇති.

එමෙන්ම Hardware පැත්තෙන් ගත් කල, LG සමාගම විසින් සිය උපාංග අලුත්වැඩියා කිරීමේ කටයුතුද පවත්වාගෙන යනු ඇති අතර, නොමිලේ අලුත්වැඩියා කිරීම් සඳහා වන කූපන් පවා වලංගු වනු ඇති.

නමුත් කල් යත්ම LG සමාගම විසින් සිය ජංගම දුරකථන සඳහා අවශ්‍ය අමතර කොටස් නිපදවීම සීමා කරනු ඇති නමුත්, 3rd party accessorys නිපදවන සමාගම් මෙම හිඩැස පුරවනු ඇති බවට අනුමාන කල හැකියි.

LG සමාගම විසින් සිය Mobile division එක මෙම වසරේ ජූලි 31 වන සිට සිට වසා දැමීමට තීරණය කර ඇති අතර, LG brand එක යටතේ ඇති අනෙක් ඉලෙක්ට්‍රොනික උපාංග වෙත අවධානය යොමු කිරීමට LG සමාගම සූදානම් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizchina වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.