COVID-19 වසංගත ව්‍යාප්තිය නිසා 2020 පළමු කාර්තුවේ දී ගෝලීය smartphone වෙළෙඳපොළ 10% කින් පමණ පහළ වැටෙනු ඇති බව අනුමාන කෙරෙන බව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කර ඇති බව මතක ඇති.

2020 පළමු කාර්තුවේදී ගෝලීය Smartphone වෙළඳපොල 10.6% කින් පමණ පහළ වැටෙනු ඇති බව අපේක්ෂා කෙරේ
Covid 19 වෛරසය ලොව පුරා විවිධ ක්ෂේත්‍ර වලට මේ වන විටත් ඉතාමත් විශාල බළපෑමක් එල්ලකර ඇති අතර විශේෂයෙන්ම තාක්ෂණික උපාංග නිපදවන කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පිහිටාඇති චීනයේ පිහිටා තිබීම නිසාවෙන් ජංගම දුරකතන නිෂ්පාදනය විශාල වශයෙන් පහත වැටීතිබෙනවා. මේ පිළිබඳව සමීක්ෂණයක් සිදු කළ IDC ආයතනය ප්‍රකාශ කරන්…

නමුත් Canalys ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයක් මගින් 2020 පලමු කාර්තුවේදී ගෝලීය smartphone වෙළඳපොලේ බලාපොරොත්තු වූවාටත් වඩා පහළ යාමක් පෙන්නුම් කරන බව වාර්තා වෙනවා.

ඒ අනුව 2019 පළමු කාර්තුවට වඩා 2020 වර්ෂයේ පළමු කාර්තුවේ දී ගෝලීය smartphone වෙළෙඳපොළ 13% කින් පමණ පහළ ගොස් තිබෙනවා.

2019 පළමු කාර්තුවේ දී දුරකථන ඒකක මිලියන 314 නිකුත් කරනු ලැබ ඇති අතර, 2020 පළමු කාර්තුවේදී එය ඒකක මිලියන 272 දක්වා පහළ ගොස් තිබෙනවා.

සමාගම් ලෙස ගත හොත් Samsung සමාගමේ 17% ක පහළ යාමක් පෙන්නුම් කරන අතර Huawei සමාගම ද 17% ක පහළ යාමක් පෙන්නුම් කරනවා. නමුත්Huawei සමාගම සම්බන්ධයෙන් වසංගත තත්ත්වයට අමතරව ඇමරිකානු සම්බාධක නිසා සිදු වූ බලපෑම ද මෙම පසුබෑමට හේතු වී ඇති බව Canalys ආයතනය පෙන්වා දෙනවා.

මීට අමතරව Apple සමාගමේ වෙළඳපොල ද 8% කින් පහළ ගොස් ඇති අතර වසංගත තත්ත්වය හමුවේ යම් ප්‍රමාණයකින් හෝ සාර්ථක වී තිබෙන්නේ Xiaomi හා Vivo යන සමාගම් පමණයි.

මේ අනුව Xiaomi සමාගම 9% ක වර්ධනයක් පෙන්නුම් කරන අතර Vivo සමාගම 3% ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

COVID-19 වසංගත තත්වය නිසා නිෂ්පාදන කර්මාන්තශාලා වලට අවශ්‍යය supply chain එක අහිමිවීම හා බොහෝ රටවල් Lockdown කිරීම හමුවේ වෙළඳ සැල් වසා දැමීම නිසා මෙම තත්ත්වය තවත් නරක අතට හැරී ඇති බව මොවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම පසුබෑම ඉක්මනින් අවසන් වනු ඇති බවක් පෙනෙන්නට නොමැති බව ද මොවුන් වැඩිදුරටත් පෙන්වා දෙන අතර 2020 වසර පුරාවටම, සෑම ජංගම දුරකථන නිශ්පාදකයෙකුටම අඩු වැඩි වශයෙන් මෙම බලපෑම පවතිනු ඇති බව අනුමාන කෙරෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Trendforce වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.