Covid 19 වෛරසය ලොව පුරා විවිධ ක්ෂේත්‍ර වලට මේ වන විටත් ඉතාමත් විශාල බළපෑමක් එල්ල කර ඇති අතර විශේෂයෙන්ම තාක්ෂණික උපාංග නිපදවන කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පිහිටා ඇති චීනයේ පිහිටා තිබීම නිසාවෙන් ජංගම දුරකතන නිෂ්පාදනය විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.

මේ පිළිබඳව සමීක්ෂණයක් සිදු කළ IDC ආයතනය ප්‍රකාශ කරන්නේ 2020 වර්ෂයේ පළමු කාර්තුව ඇතුලත ගෝලීය ජංගම දුරකථන නිෂ්පාදනය 10.6% ක පමණ ප්‍රමාණයකින් පහළ වැටෙනු ඇති බවයි.

Worldwide Smartphone Market Rebound on Standby as COVID-19 Outbreak Limits Short-Term Global Outlook, According to IDC
IDC examines consumer markets by devices, applications, networks, and services to provide complete solutions for succeeding in these expanding markets.

චීන කර්මාන්ත ශාලා වල වැඩ නැවැත්වීම නිසා සැපයුම් ලැබීම සීමා සීමා වී ඇති අතර එය ජංගම දුරකථන නිෂ්පාදනයට මේ ආකාරයෙන් බලපා තිබෙනවා.

මෙම තත්ත්වය යලි යථා තත්ත්වයට පත්වීම සඳහා 2020 වර්ෂයේ තුන් වන කාර්තුව දක්වා ගත වනු ඇති බව මොවුන් ‍වැඩිදුරටත් පෙන්වා දෙන අතර පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී චීන ජංගම දුරකථන දුරකථන වෙළඳපොළ පමණක් 40% කින් පමණ පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත් ගෝලීය වශයෙන් 5G සේවාවන් දිනෙන් දින වර්ධනය වන බැවින් 2021 පමණ වන විට වන විට ගෝලීය ජංගම දුරකථන වෙළඳපොළෙහි වර්ධනයක් පෙන්වනු ඇති බව පර්යේෂකයන් අනාවැකි පළ කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ IDC වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.