පසුගිය ජූලි මාසයේදී Neuralink ආයතනය මගින් නිපදවන chip එකක් හරහා ඇබ්බැහිවීම් සහ විශාදය වැනි තත්ත්වයන් වලට ප්‍රතිකාර කළ හැකි බව Elon Musk විසින් ප්‍රකාශ කරනු ලැබූ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් මේ Neuralink ව්‍යාපෘතියේ සාර්ථකත්වය විදහා දක්වන, මේ වන විටත් ක්‍රියාත්මක වන තත්ත්වයේ ඇති device එකක demonstration එකක් අගෝස්තු 28 වැනි සිකුරාදා දින ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව Elon Musk ඔහුගේ නිළ Twitter ගිණුම හරහා ප්‍රකාශ කර තිබෙනවා.
Live webcast of working @Neuralink device
— Elon Musk (@elonmusk) August 26, 2020
Friday 3pm Pacific https://t.co/PouLbrGzFU
මිනිස් මොළය සෘජුවම computer එකකට සම්බන්ධ කලහැකි interface එකක් නිර්මාණය කිරීම අරමුණු කරගත් මේ Neuralink ව්‍යාපෘතිය පිළිබඳව මේ වන විටත් ඔබ බොහෝ තොරතුරු දන්නවා ඇති.
විශේෂයෙන්ම මේ වන විට ලෝකය AI, එහෙමත් නැතිනම් කෘතීම බුද්ධිය හරහා විශාල දියුණුවක් ලබමින් පවතින අතර ඉදිරියේදී මෙම තාක්ෂණයන් දියුණු වීමෙන් පසුව තනිව තීරණ ගතහැකි ඉතාමත් දියුණු කෘතීම බුද්ධියන් නිර්මාණය වනු ඇති බැවින් එය මිනිසා විනාශ කර දැමීමට හෝ මිනිසාට අභියෝග කිරීමට පෙළඹෙනු ඇති බවට බොහෝ දෙනා බිය පළ කරනවා.
If you can’t beat em, join em
— Elon Musk (@elonmusk) July 9, 2020
Neuralink mission statement
මීට ඇති හොඳම විසඳුම මිනිස් මොළයේ ඇති හැකියාව ඌණ පූර්ණය කිරීම සඳහා අතිරේකව අවශ්‍යය වන computation power එක පරිගණක භාවිතා කර ලබාගැනීම බව Elon Musk ගේ අදහසයි.
කොහොම නමුත් තවමත් මොවුන්ගේ මූලික අරමුණ වී තිබෙන්නේ මෙලෙස පරිගණකය සහ මිනිස් මොළය සාර්ථකව සම්බන්ධ කළ හැකි interface එකක් නිර්මාණය කිරීම වන අතර, මිනිස් මොළය භාවිතා කරමින් පරිගණකය හෝ ජංගම දුරකථනය පාළනය කිරීමේ හැකියාව ලබාගැනීමට මොවුන් කටයුතු කරමින් සිටිනවා.
මීළඟ සිකුරාදා පැවැත්වීමට නියමිත මෙම event එක අතරතුරදී මිනිස් මොළය හා සම්බන්ධ කිරීමට නියමිත second generation robot කෙනෙක් සහ real-time ලෙස නියුරෝන fire වෙන ආකාරය ඉදිරිපත් කිරීමට මොවුන් සූදානමින් සිටින බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.
කොහොම නමුත් තවමත් Neuralink ආයතනය විසින් නිළ වශයෙන් මෙය නිවේදනය කිරීමට කටයුතු කර නොමැති අතර, ඉතාමත් ඉක්මණින් ඔවුන්ගේ නිළ YouTube channel එක වෙත මෙම stream එක එකතු කිරීමට කටයුතු කරනු ඇත.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Inverse වෙබ් අඩවිය සහ Teslarati වෙබ් අඩවිය භාවිතා කළ හැක.