2018 වර්ෂයේ පැවති Google I/O event එක අතරතුරදී Google සමාගම විසින් Gmail සඳහා හඳුන්වා දුන් Smart Compose පහසුකම ගැන අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google I/O - 2018 එකේ වැදගත්ම announcements 10 ගැන දැනගනිමු
Google එක ඔන්න 2018 අවුරුද්දේ එයාලාගේ Google I/O 2018 එක අළුත් අළුත් news ගොඩක්එක්ක පසුගිය මැයි 8 වෙනිදා පවත්වන්න කටයුතු කළා. ඔයාලට මතක ඇති මම මේක පවත්වන්නකළින් Google I/O එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් [/google-io-2018] ගැන කතාකළා. අපි බළමු මොනවද ඇත්තටම මේ පාර Google ලා අළුතින් announce ක…

ඒ වගේම මේ පහසුකම Pixel ජංගම දුරකථන වලට පමණක් සීමා නොකොට සියළුම Android ජංගම දුරකථන වලට ලබාදීමට ද Google සමාගම පසුගිය මාර්තු මාසය වන විට කටයුතු කරනු ලැබුවා.

Gmail Smart Compose පහසුකම Pixel 3 වලට පමණක් සීමා නොකර සියලුම Android පරිශීලකයන් සඳහා ලබා දෙයි
Google සමාගම විසින් Smart Compose පහසුකම[https://support.google.com/mail/answer/9116836?co=GENIE.Platform%3DAndroid&hl=en&oco=1] ඔවුන්ගේ Web App එකට හඳුන්වා දී දිගු කාලයක් ගත වී තිබුණත්, මේ වන තුරු එය ජංගමදුරකථන වලින් Google Pixel සඳහා පමණක් සීමා කර තිබුණු බව ඔබ දන්නවා ඇති. කොහොම නමුත් මේ වන තුර…

ඔන්න දැන්, මේ පහසුකම Email සඳහා පමණක් සීමා නොකර, Google Docs සඳහා ද අන්තර්ගත කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර, මේ වන විට මේ අලුත් පහසුකමෙහි beta සංස්කරණයට ඇතුලත් වීමට G Suite administrator වරුන් හට අවස්ථාව ලබා දී තිබෙනවා.

මූලිකව මේ Smart Compose පහසුකම Gmail වලට හඳුන්වාදීමත් සමඟින් Gmail පරිශීලකයන් හට සතියකට අකුරු බිලියන 2ක් පමණ type කිරීමට යන කාලය ඉතිරි වන බවට Google සමාගම ප්‍රකාශ කර සිටිනවා.

මෙය කෘතීම බුද්ධිය මත පදනම් වන පහසුකමක් නිසාවෙන් භාවිතා කරන්නන් මෙන්ම භාවිතා වන වචන, ඡේද ප්‍රමාණය වැඩි වන තරමට මෙහි කාර්යයක්ෂමතාවය වැඩිදියුණු වන අතර Google Docs වලට මේ පහසුකම අන්තර්ගත කිරීම හරහා කෙටි වාක්‍යය වලට වඩා දීර්ඝ ඡේද වලදී ඉතාමත් හොඳ මට්ටමේ සහායක් ලබාදීමට මේ පහසුකමට හැකියාව ලැබෙනු ඇති.

මේ වන විට මේ සේවාව G Suite පරිශීලකයන් සඳහා මෙන්ම English භාශාව සඳහා පමණක් ලබාගැනීමේ හැකියාව තිබෙන නමුත් ඉදිරියේදී සාමාන්‍යය Google Docs පරිශීලකයන් හට ද ලබාදීමට කටයුතු කරනු ඇති බව බළාපොරොත්තු වෙනවා.

ඔබ G Suite Admin කෙනෙකු නම්, මේ link එක හරහා ගොස් මේ පහසුකම activate කරගැනීමේ හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.