මෙම වසර මුල සිටම ජංගම දුරකථන ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාව වූයේ නවතම නම්‍යශීලී (foldable) තිර සහිත උපාංග පිළිබඳව වන අතර මේ පිළිබඳව අපි කිහිප අවස්ථාවකදීම ඔබව දැනුවත් කරන්නට කටයුතු කළා මතක ඇති.

මෙහිදී වඩාත්ම ජනප්‍රිය මාදිලි වූයේ Samsung Galaxy Fold සහ Huawei Mate X යන මාදිලි ද්විත්වය වන නමුත් මෙම උපාංග ද්විත්වයම ඉතාමත් මිළ අධික devices බව දැකිය හැකි වුණා.

මේ අතර Huawei සමාගම විසින් ඔවුන්ගේ Huawei Mate X දුරකථනය යම් හානියකට ලක් වුවහොත් එය අලුත්වැඩිය කරගැනීමට අය කරන මුදල් ප්‍රමාණයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව යම් හෙයකින් Huawei Mate X හි තිරය නැවත ස්ථාපනය කිරීමට සිදුවුවහොත් එහි මිල $1,007 ක් තරම් ඉතා විශාල මුදලක් වනු ඇති අතර chipset එක ප්‍රතිස්ථාපයට $510 ක් වැයවනු ලබනවා.

එමෙන්ම නව බැටරියක් සඳහා $39 ක් අය කිරීමටත්, දුරකථනයේ Shell එක සඳහා $50 ක් සහ Camera Combo එකට $100 ක් පමණ ගෙවීමට සිදු වන බව ඔවුන් පෙන්වා දෙනවා.

Huawei සමාගම සිය ප්‍රථම නම්‍යශීලී දුරකථනය මූලිකව චිනයට පමණක් නිකුත් කරනු ලැබු අතර ඒ $2,200 ක් තරම් ඉතා ඉහළ මිලකටයි.

නමුත් මෙම නම්‍යශීලී තිර පහසුවෙන් සිරීමට පළුදු වීමට ඉඩ ඇති බැවින් මෙවැනි තිර සහිත උපාංග ප්‍රවේශමෙන් හැසිරවිය යුතු බව පෙන්වා දීම අත්‍යවශ්‍ය වන අතර Samsung සමාගම ඔවුන්ගේ Galaxy Fold device එක පරෙස්සම් කළ යුතු ආකාරය පිළිබඳව දැනටමත් video එකක් හරහා පැහැදිලි කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.