මීළඟ දෙසැම්බර් මස 2 වැනි දින Apple සමාගම විසින් මීට පෙර නිවේදනය නොකළ විශේෂිත event එකක් පැවැත්වීමට තීරණය කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

2019 වර්ෂයේ ජනප්‍රියතම apps සහ games වෙනුවෙන් ඇමෙරිකාවේ New York නගරයේදී පැවැත්වීමට තීරණය කර තිබෙන මෙම event එක Apple සමාගම විසින් apps සඳහා පමණක් පවත්වනු ලබන ප්‍රථම event එක බවට පත් වෙනවා.

2018 වර්ෂයේ හොඳම apps සහ games තේරීම වෙනුවෙන් awards ලබාදීම ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා සිදු කළ අතර, ඒ සඳහා කිසිඳු press event එකක් පැවැත්වීමට Apple සමාගම කටයුතු කලේ නැහැ.

Best of 2018 - App Store - Apple Developer
Discover the most incredible apps and games on the App Store in 2018.
2018 වර්ෂයේ හොඳම Apps සහ Games

කොහොම වුණත් මේ විශේෂ event එක තවමත් නිළ Apple events වෙබ් අඩවියේ දකින්නට නොලැබෙන අතර, මේ event එක අතරතුරදී කිසිඳු අලුත් නිෂ්පාදනයක් එළිදැක්වීමට ද ඔවුන් කටයුතු නොකරනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.