Meta සමාගමේ Chief Operating Officer ලෙස මෙතෙක් කටයුතු කල Sheryl Sandberg සිය තනතුර හැර යාමට ගත් තීරණය පිළිබඳව පසුගිය දිනෙක වාර්තා වුණා. ලෝකයේ සමාජ මාධ්‍ය දැවැන්තයා වන Facebook හි මව් සමාගමේ ප්‍රධානතම නිලධාරිනියකගේ මේ තීරණය සමාගමේ වගේම සමස්ත Silicon Valley එකම කළඹන්න සමත්වුණා.

මේ තීරණය පිලිබඳ හේතු දක්වමින් ඇය සඳහන් කර තිබුණේ ඇයට වැඩි දුරටත් philanthropy සහ women’s rights පිළිබඳව කටයුතු කිරීමට හා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවයි. මේ වෙද්දීත් Meta සමාගමේ සෙසු විධායක කණ්ඩායම ඇයගේ තනතුර පුරවන්නට සුදානමින් ඉන්නා බවත් ඇය සඳහන් කළා.

ඇය මේ තනතුරේ රැඳී සිටියේ ඉතාම ගෞරවයෙන් බවත් මේ තනතුරේ වගකීම් වැඩි බව නිසා වෙනත් යමක් වෙත කාලය යෙදවීම ඉතාම පහසු බවත් ඇය සඳහන්කර තිබුණා.

‘It is a job that’s been an honor and a privilege, but it’s not a job that leaves a lot of time to do much else’

වසර 14කට පෙර ඇය මේ තනතුර භාරගත් දිනය ඇයට තවමත් මතක බවත් වසර කිහිපයකට පමණක් මේ තනතුර භාර ගැනීමට ඇය තම සැමියා සමග කතාබහ කල හැටිත් ඇය theverge.com වෙත සඳහන් කර තිබුණා. වසර 14කට පසුව මේ තනතුර හැර යන්නේ තමන්ගේ කණ්ඩායමට තමන්ගේ අඩුව පිරවිය හැකි බවට හොඳ විශ්වාසයකින් බව ඇය සඳහන් කරනවා.

Đăng nhập Facebook
Hãy đăng nhập Facebook để bắt đầu chia sẻ và kết nối với bạn bè, gia đình và những người bạn biết.

තමාගේ තනතුර අතහැරීම පිළිබඳව ඇය ඉතා දීර්ඝ සටහනක් Facebook සමාජ ජාලය වෙත එක කර තිබුණා. Mark Zuckerberg සහ තම කණ්ඩායම මෙටා විශ්වය තුළ ගොඩනැගෙන නිර්මාණ සහ නිෂ්පාදන ඉතා වැදගත් බවත් ඇය සඳහන් කර තිබුණා,

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා theverge.comවෙබ් අඩවිය සහ facebook.com/sheryl වෙබ් අඩවිය භාවිතා කළ හැක.