බොහෝ කාලයක් තිස්සේ හුදෙක් ආරංචියක් පමණක් ලෙස තිබු Google Duo සහ Google Meet සේවාවන් දෙක එකට merge වීම දැන් නිල වශයෙන් සිදු වන බව සමාගම විසින් ම නිවේදනය කර තිබෙනවා. පසුගිය බදාදා (04) නිල වශයෙන් Google සමාගම නිවේදනය කළේ මේ සේවාවන් දෙකේම එකතුවෙන් "single video communications service" එකක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි.

[Update: Google confirms] Don’t be surprised when ‘Hangouts Meet’ becomes ‘Google Meet’
The branding around Hangouts — in 2020, that means Hangouts Chat and Hangouts Meet — is a mess. Those two brands are derivatives of a pre-existing brand that never made much sense in the first place. In today’s suddenly-video-conferencing-centric world, Google needs to simplify things, and a new sup…

Google Duo කියන්නේ මුල් ම වතාවට video chat පහසුකම් ලබා දුන් app අතරින් එකක් වුණත් අද වෙද්දී මේ සේවාව භාවිතා කරන ප්‍රමාණය අතිශයින්ම සීමිතයි. Google Meet අතිශය ජනප්‍රිය සේවාවක් නොවුණත් තවමත් යම් පිරිසක් භාවිතයට ගන්නා සේවාවක්. Google Duo සහ Google Meet සේවාවන් දෙක එකක් බවට පත් කරමින් Google වඩා ගුණාත්මක භාවයකින් යුතු නවතම video communications service එකක් නිර්මාණය කරාවි කියලා බොහෝ දෙනෙක් බලන් ඉන්නවා. මේ සේවාවන් දෙකේම ඇති විශේෂ පහසුකම් බොහොමයක් මේ නව දෙමුහුම් සේවාවේදී දැක බලාගන්න පුළුවන් වේවි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා arstechnica.com වෙබ් අඩවිය, 9to5google.com වෙබ් අඩවිය සහ support.google.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.