Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 10 සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීම සහ අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදකයන් එම සංස්කරණය විටින් විට තමන්ගේ ජංගම දුරකථන වලට ලබාදීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Android 10 update එක ලබාදීමට නියමිත Sony devices ගැන හා වක්‍රාකාර පිටුපසක් සහිත Sony ජංගම දුරකථනයක් ගැන තොරතුරු වාර්ථා වෙයි
කාලයක් පුරා ඉතා ඉහළ පාරිභෝගික ආකර්ෂණක් දිනාගෙන සිටි Sony Mobile සමාගම[https://en.wikipedia.org/wiki/Sony_Mobile] මේ වන විට තරමක් පසුගාමී තත්වයක සිටිනබව නොරහසකි. එය වඩාත් තහවුරු වූයේ මෙම වසරේ තුන්වන කාර්තුව තුළ Sony සමාගමේ ජංගම දුරකථන අලෙවිය32% කින් පහළ වැටී ඇති බව වාර්තා වීමත් සමඟයි. කෙසේ වෙතත්…

මේ වන විට සියළුම Google Pixel devices වලට මේ අලුත් මෙහෙයුම් පද්ධතිය ලැබී ඇති අතර බොහෝමයක් Nokia ජංගම දුරකථන වලට ද මෙය ලබා දීමට කටයුතු කර තිබෙනවා.

අනෙක් බොහෝ සමාගම් ප්‍රධාන Android මෙහෙයුම් පද්ධතිය සමඟ තමන්ගේම අතුරුමුහුණතක් සමඟ මෙම update එක ලබා දෙන බැවින් බොහෝ දුරට එම ජංගම දුරකථන සඳහා මෙම යාවත්කාලීන කිරීම ලැබෙන්නේ බොහෝ ප්‍රමාදවයි.

Samsung සමාගමද තවමත් Android 10 හි Beta සංස්කරණය දුරකථන මාදිලි කිහිපයක් සඳහා තෝරාගත් රටවල් සඳහා නිකුත් කර ඇති නමුත් තවමත් බොහෝමයක් ජංගම දුරකථන වලට නිල වශයෙන් නිකුත් කර නැහැ.

OneUI 2.0 beta සංස්කරණයක් ඇතැම් යුරෝපීය Galaxy S10+ පරිශීලකයන් හට ලබාදීමට කටයුතු කරයි
Android 10 සංස්කරණය නිළ වශයෙන් Pixel ජංගම දුරකථන වලට නිකුත් කිරීමෙන් පසුව,OnePlus, Xiaomi, Essential වැනි තවත් ජංගම දුරකථන කිහිපයක් සඳහා ද අදාල වන updatesලබාදීමට කටයුතු කර තිබුණු බව දකින්නට ඇති. Android 10 සංස්කරණය නිළ වශයෙන් Google Pixel, Essential සහ Xiaomi ජංගම දුරකථනවලටනිකුත් කරයිAndroid Q,…

ඔවුන් මෙම යාවත්කාලීන කිරීම ඔවුන්ගේ අලුත්ම අතුරුමුහුණත වන One UI version 2.0 සමඟ නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර මෙම යාවත්කාලීන කිරීම ලබා දෙන දුරකථන මාදිලි වල ලැයිස්තුවක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

• Galaxy S10 (Rolling Out)
• Galaxy S10 5G (Confirmed)
• Galaxy S10+ (Confirmed)
• Galaxy S10e (Confirmed)
• Galaxy Note 10 (Confirmed)
• Galaxy Fold
• Galaxy S9 (Confirmed)
• Galaxy S9+ (Confirmed)
• Galaxy Note 9 (Confirmed)
• Galaxy A9 (2018)
• Galaxy A7 (2018)
• Galaxy A6 (2018)
• Galaxy A6+ (2018)
• Galaxy A80
• Galaxy A70
• Galaxy AGalaxy A40
• Galaxy A30
• Galaxy A20
• Galaxy A20e
• Galaxy A10
• Galaxy J6
• Galaxy J6+
• Galaxy J8
• Galaxy J8+
• Galaxy M10
• Galaxy M20
• Galaxy M30
• Galaxy Tab S4
• Galaxy Tab S5e
• Galaxy Tab S6
• Galaxy Tab A 10.1 (2019)
• Galaxy Tab A 10.5 (2018)

ඉහත සඳහන් devices වලට 2019 සහ 2020 යන වර්ෂය ඇතුලත Android 10 update එක ලැබෙනු ඇති නමුත් පහත දුරකථන මාදිලි සඳහා Android 10 නොලැබෙනු ඇති බව වාර්ථා වෙනවා.

• Galaxy Note 8
• Galaxy S8
• Galaxy S8+
• Galaxy S8 Active
• Galaxy A8
• Galaxy A5 (2017)
• Galaxy A3 (2017)
• Galaxy J3 (2017)
• Galaxy J5 (2017)
• Galaxy J5 Pro (2017)
• Galaxy J7 (2017)
• Samsung Galaxy Tab A (2017)

Samsung දුරකථන වලට අමතරව ලංකාවෙ වැඩිම පිරිසක් භාවිතා කරන Huawei දුරකථන සඳහා Android 10 ලැබෙන ආකාරය පිළිබඳවත් ඔබව ඉදිරියේදී දැනුවත් කරන්නට අපි බළාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Sammobile වෙබ් අඩවිය හා gottabemobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.