Samsung සමාගම විසින් ඔවුන්ගේ One UI පරිශීලක අතුරුමුහුණතෙහි අලුත්ම සංස්කරණය වන One UI 2.0 සංස්කරණය නුදුරේදීම එළිදැක්වීමට සූදානම් වන බව පසුගිය ජුලි මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Android Q සමඟින් One UI 2.0 සංස්කරණය නිකුත් කිරීමට Samsung සමාගම සූදානම් වෙයි
Samsung සමාගමේ මෘදුකාංග නිර්මාණ කලාවේ ප්‍රධාන වෙනසක් සිදු කිරීමට Galaxy S9 ජංගමදුරකථනය සමඟින් නිකුත් කළ One UI පරිශීලක අතුරුමුහුණත[https://en.wikipedia.org/wiki/One_UI] සමත් වූ අතර මීට පෙර තිබූ SamsungExperience [https://en.wikipedia.org/wiki/Samsung_Experience…

කොහොම නමත් Samsung සමාගම විසින් මෙය තවමත් නිළ වශයෙන් එළිදැක්වීමට කටයුතු කර නොමැති අතර බ්‍රසීලියානු YouTuber කෙනෙකු වන Dudu Rocha විසින් මේ අලුත් One UI 2.0 සංස්කරණය පැරණි සංස්කරණය සමඟින් සසඳමින් වීඩියෝවක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව මෙම සංස්කරණය Android 10 මත පදනම් වී ඇති බව තහවුරු වන අතර එහි ඇතුලත් වන පහසුකම් බොහෝමයක් මෙම වීඩියෝව හරහා දැකගත හැකි වෙනවා.

New Gestures

අලුත් සංස්කරණයෙහි ඇතුලත් වන වෙනස්කම් වලින් ප්‍රධානතම වෙනස්කමක් ලෙස Android 10 සමඟින් අලුතින් හඳුන්වාදුන් gesture navigation පහසුකම පෙන්වාදිය හැක.

Quick Settings tiles

Quick Settings screen එක සඳහා මෙවර සම්පූර්ණ screen එකම භාවිතා කිරීමට Samsung සමාගම තීරණය කර ඇති අතර මේ සඳහා clock එක ඉහළට ගෙන ගොස් පහලින් ඇති සම්පූර්ණ space එකම අදාල tiles සඳහා භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Security Settings

මේ අලුත් සංස්කරණය තුළ අලුතින් Local යන නමින් setting එකක් ඇතුලත් වන නමුත් මේ පිළිබඳව තවමත් පැහැදිලි විස්තරයක් දැනගැනීමේ හැකියාවක් නැහැ. කොහොම නමුත් මෙහි permissions සහ location වෙනුවෙන් වන settings ඇතුලත් විය හැකි බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.