කාලයක් පුරා ඉතා ඉහළ පාරිභෝගික ආකර්ෂණක් දිනාගෙන සිටි Sony Mobile සමාගම මේ වන විට තරමක් පසුගාමී තත්වයක සිටින බව නොරහසකි.

එය වඩාත් තහවුරු වූයේ මෙම වසරේ තුන්වන කාර්තුව තුළ Sony සමාගමේ ජංගම දුරකථන අලෙවිය 32% කින් පහළ වැටී ඇති බව වාර්තා වීමත් සමඟයි.

කෙසේ වෙතත් එවන් පසුබිමක් තුළ වුවත් Sony සමාගම තවත් නවතම flagship ගණයේ දුරකථනයක් එළිදැක්වීමටත්, Android 10 update එක ඔවුන්ගේ පසුගිය ජංගම දුරකථන වලට ලබාදීමටත් සූදානම් වන දැනගන්නට ලැබෙනවා.

Which Sony products will receive Android 10 upgrades and when?
Google has announced Android 10, so you’re probably wondering when your trusty Xperia device will get the shiny new upgrade. Well, look no further than this blog – as we have all the news you’re waiting for! Owners of Sony’s premium flagship Xperia 1 and recently announced Xperia 5

මේ අනුව Xperia 1, Xperia 5 යන ජංගම දුරකථන වලට මේ update එක මීළඟ දෙසැම්බර් මස ලැබෙනු ඇති අතර 2020 වර්ෂයේ මුල සිට Xperia 10, Xperia 10 Plus, Xperia XZ2, Xperia XZ2 Compact, Xperia XZ2 Premium, Xperia XZ3 යන ජංගම දුරකථන වලට ද නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.


එමෙන්ම Sony Xperia 3 ලෙස නම් කර ඇති, පිටුපස පැනලය වක්‍රාකාර ලෙසත් ඉදිරිපස පැනලය පැතලි ආකරයටත් නිර්මාණය කර තිබෙන ජංගම දුරකථනයක් නිකුත් කිරීමට ද මොවුන් සූදානමින් සිටින අතර මෙය බොහෝ දුරට මීට බොහෝ කාලයකට පෙර Sony සමාගම විසින්ම නිකුත් කළ Xperia Arc ජංගම දුරකථනයේ හැඩයට සමාන වනු ඇති.

මෙම ජංගම දුරකථනය Qualcomm Snapdragon 865 Chipset එක මඟින් බලගැන්වෙන බව වාර්තා වන අතර වඩාත් හොඳ තත්ත්වයේ Cinematic experience එකක් ලබාගැනීම සඳහා 21:9 aspect ratio එකට අනුව CinemaWide panel එකක් සහිතව මෙහි ඉදිරිපස නිර්මාණය කිරීමට මොවුන් තීරණය කර තිබෙනවා.

මෙයට භාවිතා වීමට නියමිත Chipset එක අනුව මෙහි 5G සම්බන්ධතාවයෙන් යුතු වනු ඇති බව අනුමාන කළ හැකි වන නමුත් තවමත් මේ පිළිබඳව විස්තරාත්මක තොරතුරක් වාර්ථා වෙන්නේ නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය හා Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.