සුප්‍රකට දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන Samsung සමාගමේ ආරම්භක හා එහි හිමිකරු වූ Lee Kun-hee මහතා මිය ගිය පුවත පසුගිය වසරේදී අපි ඔබට ගෙන ආවා මතක ඇති.

Samsung සමාගම් ජාලයෙහි සභාපතිවරයා වුනු Lee Kun-hee මහතා 78 වියෙහිදී දිවි සැරියෙන් සමුගනියි
Samsung Electronics ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ අදදින, එනම් 2020 වර්ෂයේ ඔක්තෝම්බර් මස 25 වැනි දින Samsung සමාගමේ වර්ථමානසභාපතිවරයාව සිටි Lee Kun-hee මහතා අභාවප්‍රාප්තවී ඇති බවයි. මිය යන විට 78 වැනි වියෙහි පසු වූ ඔහු 1987 වර්ෂයේ සිට Samsung සමාගම සාමාන්‍යය TVනිෂ්පාදනය ක…

2014 වර්ෂයේදී ඔහු රෝගීව රෝහල් ගත කිරීමෙන් පසුව Samsung හි ප්‍රධානී ධූරයට ඔහුගේ පුත් Lee Jae-yong පත් කළ අතර සිය පියාගේ අභාවයත් සමඟ ඔහු නිළ වශයනේම Samsung සමාගමේ සභාපති ධුරයට පත් වුණා.

කොහොම වුණත් සභාපති ධූරයට පත්ව ඉතාම කෙටි කලකින් මූල්‍ය අක්‍රමිකතා චෝදනා වලට හසුවූ Lee මහතා හට එම චෝදනා ඔප්පු වීමත් සමග කොරියානු අධිකරණය විසින් වසර 2 ½ ක සිර දඬුවමක් පනවා තිබෙනවා.

මේ සමඟම සැම්සුන් හි කොටස් හි වටිනාකම 4% කින් පමණ අඩු වීම සිදුවූ අතර Lee ගේ මෙම අයහපත් භූමිකාව Samsung ව්‍යාපාර ජාලයේ අනාගතයට මහත් බලපෑමක් සිදු සිදුකරනු ඇති බව විචාරකයින් පෙන්වා දෙනවා.

මුල්‍ය වංචාවන් වලට හසු වීමෙන් දැනටම සිරගත වී සිටින දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනියක් වන Park Guen-hye මහත්මිය සම්බන්ධ අල්ලස් හා දූෂණ නඩු විභාගයක් අතරතුර දී ඔහුට මෙම දඬුවම පනවා තිබෙන බවයි වාර්තා වන්නේ.

Park Guen-hye ජනාධිපතිනියව සිටි සමයේදී දේශපාලන හා ආයතනික වංචාවන්ට සම්බන්ධ බවට ඔහු චෝදනා ලබා 2017 දී ඔහු අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු විසින් අල්ලස් ලබා ගැනීම හා ජනාධිපතිනියගෙන් නීතිවිරෝධීව යම් යම් වාසි සහගත දේවල් ඉල්ලා තිබෙන බවද උසාවිය විසින් තීන්දු කර තිබෙනවා.

මීට අමතරව තවත් මූල්‍ය වංචා කිහිපයක් පිළිබඳවම ඔහුට චෝදනා එල්ල වී තිබීම කැපී පෙනෙන කරුණක් වෙනවා.

මෙලෙස සිර දඩුවම් හිමිවු Samsung හි වර්තමාන සභාපතිවරයා වන Lee Jae-yong මහතා 2020 වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක වත්කමක් හිමි දකුණු කොරියාවේ සිව්වන ධනවත්ම පුද්ගලයා වන බවද සඳහන් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා BBC වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.