Samsung Electronics ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ අද දින, එනම් 2020 වර්ෂයේ ඔක්තෝම්බර් මස 25 වැනි දින Samsung සමාගමේ වර්ථමාන සභාපතිවරයාව සිටි Lee Kun-hee මහතා අභාවප්‍රාප්තවී ඇති බවයි.

මිය යන විට 78 වැනි වියෙහි පසු වූ ඔහු 1987 වර්ෂයේ සිට Samsung සමාගම සාමාන්‍යය TV නිෂ්පාදනය කරනු ලැබූ ආයතනයක සිට තාක්ෂණික ලොව දැවැන්තයෙකු දක්වා ගෙන එන ගමනෙහිදී ප්‍රධාන වැඩ කොටසක් ඉටු කිරීමට කටයුතු කරනු ලැබුවා.

Samsung සමාගමේ නිර්මාතෘවරයා වූ Lee Byung-chul මහතාගේ පුතා වූ මොහු මිය යන විට ‍දකුණු කොරියාවේ සිටි විශාලතම ධනවතා වූ අතර ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොළර් බිලියන 21 ඉක්මවා තිබුණු බව සඳහන් වෙනවා.

කොහොම නමුත් 2014 වර්ෂයේදී ඇතිවූ හෘදයාබාධ තත්ත්වයෙන් අනතුරුව ඔහුගේ public life එකෙන් සමුගැනීමට සිදුවූ අතර මේ දක්වා ඔහුගේ තනතුරෙහි වැඩ බැලීමට කටයුතු කරනු ලැබුවේ ඔහුගේ පුත් Lee Jae-yong විසිනුයි.‍

එමෙන්ම මොහුගේ ඈවෑමෙන් Samsung සමාගමෙහි නායකත්වය හිමිවනු ඇත්තේ ද ඔහුට බව වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.