Google සමාගමේ මව් සමාගම වන Alphabet ආයතනයේ ව්‍යාපෘතියක් ලෙස Loon ව්‍යාපෘතිය බොහෝ තොරතුරු මේ වන විට ඔබ දන්නවා ඇති.

කොහොම නමුත් වසර 9ක පමණ දීර්ඝ අත්හදාබැලීමේ කාලයකින් අනතුරුව මේ වන විට මෙම ව්‍යාපෘතිය නවත්වාදැමීමට Alphabet ආයතනය තීරණය කර ඇති බව ඔවුන්ගේ නිළ bolg එක හරහා නිවේදනය කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ පෘතුවි වායුගෝලයේ දෙවැනි layer එක වන Stratosphere, එහෙමත් නැතිනම් අපරිවර්තී ගෝලය නමින් හඳුන්වන කොටසෙහි රඳවා තබන ලද air baloon හරහා mesh network එකක ආකාරයෙන් ක්‍රියාත්මක වන communication ක්‍රමයක් නිර්මාණය කිරීම සහ ඒ හරහා අන්තර්ජාල සබඳතාවයන් නොමැති දුෂ්කර ප්‍රදේශ වලට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදීමයි.

මේ වන විට නවසීලන්තය, කෙන්යාව, පේරු සහ පෝටෝරිකෝ වැනි රටවල් වල මීට අදාල අත්හදාබැලීම් සිදු කළ අතර වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව තුලද මෙවැනි අත්හදාබැලීමකට සූදානම් වුවත් එය සාර්ථක වූවේ නැහැ.

2013 වර්ෂයේදී Alphabet ආයතනයේ ව්‍යාපෘතියක් ලෙස මෙම Loon ව්‍යාපෘතිය ආරම්භ වූ අතර, 2018 වර්ෂයේදී මෙය Moonshot නම් වූ තනි සමාගමක් ලෙස පිහිටවනු ලැබුවා. එමෙන්ම පසුගිය වසරේ ජූලි මාසයේදී ‍පළමු වරට කෙන්යාවේදී ඔවුන්ගේ පළමු commercial internet සේවාව එළිදැක්වීමට ද ඔවුන් කටයුතු කරනු ලැබුවා.

මේ හරහා බැලූන් 35ක් පමණ භාවිතා කරමින් වර්ග කිලෝමීටර් 50,000ක පමණ ප්‍රදේශයකට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදීමට මොවුන් හට හැකියාව ලැබී තිබුණා.

Google Baloon අභ්‍යවකාශයේ ස්ථානගත කිරීම සඳහා AI තාක්ෂණය භාවිත කිරීමට Google හි පර්යේෂකයන් සූදානම් වෙයි
කුළුණු ස්ථාපිත කොට සේවාවන් ලබාදීම සහ නඩත්තු කිරීමට අපහසු දුෂ්කර ප්‍රදේශ වලටඅන්තර්ජාල සේවාවන් සැපයීම සඳහා SpaceX සමාගම විසින් Starlink අන්තර් චන්ද්‍රිකාව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. Starlink අභ්‍යවකාශ අන්තර්ජාල සේවාව මහජන භාවිතයට සූදානම් බව Elon musk මහතාප්‍රකාශ කරයිSp…

මෙම ව්‍යාපෘතිය නවත්වාදැමීමට ප්‍රධානතම හේතු වූ කාරණා ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඉතාමත් ඉක්මණින් විනාශ වන සුළු වායු බැලූන් විශාල ප්‍රමාණයක් අහසෙහි රඳවා තැබීම ඉතාමත් අනාරක්ෂිත ක්‍රියාවලියක් බවත්, මේ හරහා අන්තර්ජාලය නොමැති මීළඟ බිලියනයක පමණ පිරිසකට අන්තර්ජාලය ලබාදීමට හැකියාව ලැබුණත්, ලොව සිටින සියළුම පුද්ගලයින් හට දරාගත හැකි මිලකට අන්තර්ජාල සබඳතාවය ලබාදීමට ඇති හැකියාව පිළිබඳව ගැටළුකාරී තත්ත්වයක් ඇතිව තිබීමයි.

මෙම ව්‍යාපෘතිය නවත්වාදැමීම හේතුවෙන් සිදුවන අපහසුතාවයන් මඟහරවාගැනීම සඳහා ඩොළර් මිලියන 10ක මුදලක් connectivity, Internet, education සහ entrepreneurship මූලික කරගත් ලාභ නොලබන ආයතන සහ ව්‍යාපාර වලට ලබාදීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Moonshot blog අඩවිය, The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.