Windows සඳහා අලුත් apps නිර්මාණය කිරීම වෙනුවෙන් 2019 වර්ෂයේදී developer වරුන් බඳවාගැනීමට Apple සමාගම කටයුතු කළ අතර, එහි ප්‍රතිපලයක් ලෙස Microsoft Xbox සඳහා Apple TV app එකක් ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම මේ වන විට වාර්තා වන පරිදි Apple Music සහ Apple Podcasts සේවාවන් ද Microsoft Store එකට එකතු කිරීමට Apple සමාගම සූදානමින් සිටිනවා.

මේ වන විටත් Apple Music සහ Podcasts වලට අදාල Windows apps, private beta program එකක් හරහා පරීක්ෂා කරමින් පවතින බව 9to5mac වෙබ් අඩවිය විසින් වාර්තා කරන නමුත්, මේ apps Windows PC සඳහා ලබාදෙනු ඇත්ද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

2019 වර්ෂයේදී macOS Catalina සංස්කරණය නිකුත් කිරීමත් සමඟ iTunes discontinue කිරීමට Apple සමාගම කටයුතු කළ බව TechNews.LK පාඨක ඔබව දැනුවත් කිරීමට අපි කටයුතු කළා මතක ඇති. කොහොම නමුත් තවමත් Windows සඳහා iTunes ලබාගැනීමේ හැකියාව තිබුණත්, එයට කිසිඳු අලුත් පහසුකමක් එකතු කිරීමට හෝ update කිරීමට ඔවුන් කටයුතු කර නැහැ.

What happened to iTunes?
With macOS Catalina, your iTunes media library is now available in the Apple Music app, Apple TV app, Apple Books app, and Apple Podcasts app. And Finder is where you can manage and sync content on your iPhone, iPad, and iPod touch.

මේ නිසාවෙන් බොහෝ විට මේ Apple Music සහ Podcast apps Windows PC සඳහා ද ලබාදීමට කටයුතු කරනු ඇති බව බොහෝ දෙනා අනුමාන කරනවා.

මේ අතර Windows 10 සඳහා ලබාදී ඇති Spotify app එක මේ වන විටත් Microsoft Store එක තුළ ඇති top free apps අතර සිටින අතර එය ඉතාමත් හොඳ තත්ත්වයේ අත්දැකීමක් ලබාදීමට ද ඔවුන් සමත්වී තිබෙනවා.

Apple සමාගම විසින් Windows PC සඳහා Apple Music සහ Podcast apps නිකුත් කිරීමට කටයුතු කළහොත් දැනට ඒකාධිකාරිත්වයක් ඇති Spotify app එකට තරඟකරුවෙකු ඇති වෙනු ඇති අතර, Windows 10 පරිශීලකයින් හට, විශේෂියන්ම දැනටමත් Apple Music පරිශීලනය කරන්නන් හට Music සඳහා තවත් අලුත් option එකක් ලැබෙනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.