ලොව සුප්‍රකට වගේම තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙක් වෙන Samsung සමාගම Smart ජංගම දුරකථන නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක්. කොහොම නමුත් 2022 වසර වෙනුවෙන් ඔවුන් සුපුරුදු Smartphone නිෂ්පාදන (units) ප්‍රමාණයට වඩා මිලියන 30ක් පමණ අඩුවෙන් නිෂ්පාදනය කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය වසර දෙකම ලෝකයේ ප්‍රමුඛ තාක්ෂණික සමාගම් රැසකට දැඩි පාඩු සිදුවුණු වසරක් ලෙස හඳුන්වන්න පුළුවන්. SARS-CoV-2 එහෙම නැති නම් Covid-19 එක්ක මුළු ලෝකයේම ආර්ථික තත්වයන් තවත් අගාධයට ඇදවැටෙන්න ට පටන් ගත්තා. උද්ධමනය බොහෝ රටවල් වල ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන් ගත්තා. මේ සියල්ල ම සමාගමේ මේ තීරණයට බලපාන්න ඇති බව අනුමාන කෙරෙනවා.

දකණු කොරියානු Maeil Business News වල new report එකකින් ලෝකයේ ප්‍රමුඛම ස්මාර්ට් ෆෝන් නිෂ්පාදකයාගේ මේ නිෂ්පාදන සිදු කිරීමේ 30 million units අඩුව පිළිබඳව සඳහන් වෙනවා. මේ සිදුවීමට පසුගිය මාර්තුවේ සිට ඇතිව තිබෙන රුසියානු යුක්රේන අර්බුදයත් හේතුවක් ව තිබෙන බව ඒ වාර්තාවේ වැඩි දුරටත් සඳහන්. කොහොම නමුත් මේ ඉහත උපාංග නිෂ්පාදනය අවම කිරීම පිළිබඳව Samsung මේ වෙන තෙක් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැහැ.

මේ බලපෑම දැඩිව දැනෙන තාක්ෂණ ලොව දැවැන්තයන් අතර ඇපල් සමාගම සහ මයික්‍රොසොෆ්ට් සමාගමත් තිබෙන බව වාර්තා වෙනවා. Bloomberg report එකකට අනුව පසුගිය වසරට සාපේක්ෂව තවත් දුරකථන මිලියන 20කින් නිෂ්පාදනය ඉහළ දැමීමට තීරණය කර සිටි ඇපල් සමාගම ඒ තීරණය ඇත හැර දැමීමට තීරණය කල බව පෙන්වා දෙනවා.

එළඹෙන වසර ඉහත සමාගම් සියල්ලන්ටම ඉතාම තීරණාත්මක වසරක් වන බව නොඅනුමානයි. මේ අභියෝග වලට තාක්ෂණ  ලෝකයේ දැවැන්තයන් කොයි ආකාරයෙන් මුහුණ දේවිද යන්න වගේම මේ සොදුවීම් ඉදිරි කාලයේ ස්මාර්ට් ෆෝන් සහ තාක්ෂණික ලෝකයේ කොයි කොයි ආකාරයේ බලපෑම් ඇති කරාවිද යන්න කියන්න තවම ඉක්මන් වැඩි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා techcrunch.com වෙබ් අඩවිය,  sammobile.com වෙබ් අඩවිය සහ mk.co.kr වෙබ් අඩවිය භාවිතා කළ හැක.