WhatsApp ආයතනය විසින් ව්‍යාපාර සඳහා ලබා දෙන සේවා යෙදුමක් ලෙස WhatsApp Business අපට හඳුන්වාදීමට පුළුවන්. සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලබන සේවාවක් වන මෙහි ව්‍යාපාර සඳහා අවශ්‍ය කරන විශේෂාංග ගණනාවක් ඇතුළත් වනවා.


wabetainfo වෙබ් අඩවිය මීට මසකට පමණ ඉහතදී, WhatsApp සඳහා වූ subscription plan එකක් පිළිබඳව ඉඟි පළ කරනු ලැබුවා. ඒ පිළිබඳ තහවුරු කිරීමක් වශයෙන් පසුගිය සතියේදී වාර්ථා කර තිබුණේ නිළ වශයෙන් එය WhatsApp Premium නමින් හඳුන්වාදීමට සූදානම්ව ඇති බවයි.

සාමාන්‍යයෙන් multi-device විශේෂාංගය හරහා Devices 4ක් දක්වා පමණක් connect කිරීමේ හැකියාව පැවතුනද, subscription plan එක හරහා Devices 10ක් දක්වා WhatsApp Business යෙදුම connect කිරීමේ හැකියාව පවතිනවා.

Image courtesy : wabetainfo

එමෙන්ම මේ හරහා ඔබගේ WhatsApp Business Profile එක සඳහා custom URL එකක් ලබා ගැනීමේ හැකියාව ඇතුළුව තවත් විශේෂාංග ගණනාවක් ලබා දීමට මෙම සේවාව සමත් වනවා. කෙසේ වෙතත් මෙම subscription plan එක WhatsApp Business සඳහා පමණක් වූ විකල්ප විශේෂාංගයක් වන අතර මෙහි මිල ගණන් සහ අනෙකුත් තොරතුරු තවමත් වාර්ථා වී නොමැත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WABetaInfo වෙබ් අඩවිය සහ Beebom වෙබ් අඩවිය භාවිතා කළ හැක.