Google Chrome Web Browser එක ලොව ජනප්‍රියතම web browser එක මෙන්ම, Google ආයතනය සතු Web Browser එකක් බව ඔබ මේ වන විටත් හොදින්ම දන්නා කරුණක්.
බොහෝ පිරිසක් Google chrome භාවිතා කරනු ලබන්නේ අනෙකුත් Web Browser වලට වඩා වැඩි ලේසියකින් සහ කාර්යක්ෂම තාවයකින් යුතුව තම වැඩ කටයුතු එදිනෙදා කරගැනීමේ හැකියාව Google Chrome Web Browser එක සතුවන නිසා.
Google Chrome හි built-in password manager පහසුකම අපගේ සියළුම password මතක තබා ගැනීමෙන් සහ වෙබ් අඩවි සහ යෙදුම් හරහා autofill වීමෙන් අපගේ ඩිජිටල් ජීවිතය වඩාත් පහසු කරයි.
Google password manager සඳහා නව විශේෂාංගයක් නිර්මාණය කරමින් සිටින අතර එමඟින් පරිශීලකයින්ට පහසුවෙන් සහ ආරක්ෂිතව password share කර ගැනීමට ඉඩ සලසයි.
Google is also working on a new option that will allow you to send passwords,
— Leopeva64 (@Leopeva64) February 24, 2022
Chromium developers already added the option in the 3 dots menu, but when you click on it, nothing happens:https://t.co/2R9ALk8aU2 pic.twitter.com/IlIZ4qir2b
Chromium tipster කෙනෙකු වන @Leopeva64 විසින් අන්තර්ජාලට එක්කර ඇති තොරතුරු අනුව පෙනි යන්නේ Google ඉක්මනින් Chrome හි ඇති මුරපද කළමනාකරු තුළ නව “send password” button එක් කරනු ඇති බවයි.
මෙමඟින් password manager තුළ සුරකින ලද එක් එක් Username/ password අසල දිස්වන තිත් තුන කිල්ක් කිරිම මඟින් එම “send password” button එක වෙත යාමට හැකියාව ලැබෙනු ඇත.
කේසේ නමුත් තවමත් Google Chrome හි “send password” button එක ක්‍රියාත්මක නොවෙන නිසාවෙන් මෙය කෙලෙස වැඩ කරනවාද යන්න පිළිබඳ අදහස් දැක්විම අපහසු වන අතර මෙම පහසුකම තවමත් Google සමාගම විසින් නිර්මාණය කරමින් පවතනි බවට අපට සිතිය හැක.
එමෙන්ම නොදුරු අනාගතයේදිම මෙම පහසුකම සියලුම පරිශිලකයන්ට ලැබේවියැයි අපෙක්ෂා කිරිමට හැකි අතර මෙම පහසුකම නිළ වශයෙන් නිකුත් කල විට TechNews.LK අප කණ්ඩායම ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට සුදානමින් සිටිනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.