මීට වසර කිහිපයකට ප්‍රථමව 1GB RAM එකක් සහිත ජංගම දුරකථනයක් ඉතාමත් හොඳ තත්ත්වයේ ජංගම දුරකථනයක් ලෙස සැළකිල්ලට බඳුන් වුවත්, මේ වන විට අපගේ පරිගණක වල RAM එකට වඩා වැඩි ප්‍රමාණයක RAM එකක් අපගේ ජංගම දුරකථනය සතු වෙනවා.

එමෙන්ම මේ වන විට Lenovo Z5 Pro GT, Xiaomi Mi 9, සහ Samsung Galaxy S10+ වගේ ජංගම දුරකථන 12GB ප්‍රමාණයේ RAM එකක් සහිතව වෙළඳපොලට ඉදිරිපත් කිරීමට මෙම සමාගම් කටයුතු කර තිබෙනවා.

මේ අතර Samsung සමාගම විසින් ඔවුන්ගේ නිෂ්පාදනාගාර වල මේ 12GB LPDDR4X DRAM chips නිෂ්පාදනය කිරීම මහා පරිමාණයෙන් සිදු කිරීමට මේ වන විට කටයුතු කර තිබෙන අතර අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදකයන් හට මේ chips තමන්ගේ මීළඟ ජංගම දුරකථන මාදිලි වලට ඇතුලත් කිරීමට අවස්ථාව දැන් හිමිව තිබෙනවා.

මේ ආකාරයේ එක් 12GB chip එකක් තුළ 16Gb LPDDR4X chips 6ක් අන්තර්ගත වන අතර (96 Gigabits/8 = 12 Gigabytes)  මේ එක් chip එකක් ඝනකම 1.1mm වැනි ප්‍රමාණයක් වන බව වාර්ථා වෙනවා.

එමෙන්ම මේ RAM එක නිෂ්පාදනය සඳහා අනුගමනය කර ඇති 1y-nm තාක්ෂණය අනුව 34.1GBps (4.25GBps) පමණ දත්ත හුවමාරු වේගයක් (data transfer rate එකක්) මෙන්ම අඩු power consumption එකක් බළාපොරොත්තු විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අනුව මීළඟට නිකුත් වීමට නියමිත flagship devices සියල්ලකම පාහේ 12GB පමණ වන RAM එකක් බළාපොරොත්තු විය හැකි බවට බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Newsroom වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.