ඔයා අපේ Facebook community එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් දැනටමත් දන්නවා ඇති මෑතකදී හදුන්වා දුන් 10GB RAM එකක් සහිත OnePlus 6T McLaren Edition එක දැනට මේ වෙනතුරු වෙළඳපොලට නිකුත් වුණු ජංගම දුරකථන අතුරින් RAM එක අතින් ඉහළින්ම සිටින බව.

ඉතින් ඔන්න දැන් OnePlus 6T McLaren Edition එකෙහි තිබූ 10GB RAM එක අභිබවා යමින් 12GB RAM එකක් සහිත Smartphone එකක් Lenovo සමාගම විසින් හදුන්වා දී තිබෙනවා.

එය Lenovo Z5 Pro GT යනුවෙන් හඳුන්වනු ලබන අතර නවතම Snapdragon 855 processor එකක් හරහා බලගැන්වෙන මෙය, 512GB Storage එකක් වගේම 6.39-inch AMOLED display එකකින් සමන්විත වෙනවා.

ඒ වගේම 16MP + 24MP වශයෙන් පසුපස කැමරා දෙකක් වගේම ඉදිරිපසත් 16MP + 8MP ත් වශයෙන් කැමරා දෙකක් දැකගන්න පුලුවන් වන අතර මීට අමතරව 3,350mAh battery එකක් හා 3.5mm headphone එකකුත් මෙහි දැකගන්න පුලුවන්.

කොහොම නමුත් 2018 වර්ෂයේ නිෂ්පාදනය කළ බොහෝ smartphone වල අඩංගු වූ notch එක මෙහි දැකගත නොහැකි අතර මෙහි front cameras රඳවා ඇත්තේ පසුපසින් එසවිය හැකි (sliding mechanism) ආකාරයටයි. මෙය Oppo Find X හි පැවති Pop Up කැමරාවට මදක් සමානකම් දක්වනවා.

ඉතින් මේ Lenovo Z5 Pro GT ජංගම දුරකථනය ලබන වසරේ ජනවාරි 15 වනදා සිට චීනයේදී මිලදීගැනීමට අවස්ථාව ලැබෙන බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට Android Central වෙබ් අඩවිය හා GSMArena වෙබ් අඩවිය භවිතා කළ හැකියි.