Huawei සමාගම හා ඇමරිකාව අතර තිබෙන වියවුල් සහගත බව ගැන මේ වන විට ඔබ අනිවාර්යයෙන්ම දන්නවා ඇති.

ඉතින් මේ ගැටළු නිසාවෙන් ඇමරිකාව විසින් ඔවුන්ගේ රට තුල සිදු කරන නිෂ්පාදනයන් භාවිතා කිරීමට Huawei සමාගමට තහනම් කළහොත්, තම නිෂ්පාදන කටයුතු ඉදිරියටත් සිදු කරගෙන යාම සඳහා අවශ්‍යය Operating system එකක්, එහෙමත් නැතිනම් මෙහෙයුම් පද්ධතියක් ඔවුන් විසින්ම නිර්මාණය කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ අනුව Huawei සමාගමේ නිෂ්පාදනය කරනු ලබන ජංගම දුරකථන හා පරිගණක යන දෙවර්ගයටම අයත් devices බළගැන්විය හැකි මෙහෙයුම් පද්ධති මේ වන විට නිර්මාණය කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය 2012 වර්ෂයේ සිට ආරම්භ කළ එකක් බව ඔවුන් ප්‍රකාශ කරනවා.

යම්කිසි හේතුවක් නිසාවෙන් ZTE ආයතනයට පනවා ඇති ආකාරයේ තහනමකට Huawei සමාගම ලක් වුවහොත්, Apple සමාගමට iOS හා Google සමාගමට Android තිබෙන්නාක් මෙන් Huawei සමාගමට ද ඔවුන්ගේම OS එකක්, එහෙමත් නැතිනම් Plan B එකක් තිබෙන බව Huawei සමාගමේ විධායක නිළධාරියෙකු වන Richard Yu Chengdong විසින් ප්‍රකාශ කරන අන්දමට ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා South China Morning Post වෙබ් අඩවිය භාවිතා කළ හැක.