iOS 14 සංස්කරණය හඳුන්වාදීමත් සමඟින් එහි security feature එකක් ලෙස clipboard එකේ ඇති දත්ත copy කරගන්නා විට ඒ බව toast message එකක් හරහා පරිශීලකයාව දැනුවත් කිරීමේ පහසුකමක් ලබාදීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා.

මේ අලුත් පහසුකමත් සමඟින්, TikTok ඇතුලු තවත් apps ගණනාවක් විසින් පරිශීලකයාගේ දත්ත හොර රහසේම ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වූ අතර ඒ පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

TikTok app එක හොර රහසේම clipboard එක access කිරීම iOS 14 හරහා අනාවරණ වීමත් සමඟින් එය නවත්වන බව ප්‍රකාශ කරයි
පසුගිය ජුනි 22 වැනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ iOS මෙහෙයුම් පද්ධතියේ අලුත්මසංස්කරණය වන iOS 14 සංස්කරණය එළිදැක්වීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතකඇති. WWDC 2020 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් පිළිබඳවදැනගනිමුජුනි මස 22 වැනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2…

මෙලෙස පරිශීලක දත්ත ලබාගන්නා apps අතර ඉතා ප්‍රසිද්ධ සේවාවක් වන Reddit සේවාවට අදාල app එකද තිබුණු අතර, මේ වන විට එම code එක ඉවත් කර, මෙම ගැටළුවට විසඳුමක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව Reddit ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

Clipboard එකට copy කරනු ලැබූ URL නිරීක්ෂණය කර, ඒවා අනුව Reddit suggestions ලබාදීමට කටයුතු කරනු ලැබූ බවත්, මෙලෙස copy කරගත් දත්ත කිසිඳු අයුරකින් store කරගැනීමක් සිදු නොකළ බවත්, මෙම පහසුකමට අදාල code segments ඉවත් කර, මීළඟ 14 වැනි දින update එකක් නිකුත් කරනු ලබන බවත් Reddit සමාගම විසින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර Reddit සේවාවට අමතරව LinkedIn සේවාව විසින් ද මෙම කටයුත්ත සිදු කරමින් පැවති අතර, මෙම දත්ත transmit කිරීම හෝ store කරගැනීමක් සිදු නොකළ බව ප්‍රකාශ කරනු ලැබුවත්, මේ වන තුරු ඔවුන් එම දත්ත භාවිතා කිරීමට මූලික වූ හේතුවක් පිළිබඳව කිසිඳු නිළ වාර්ථාවක් සිදු කිරීමට කටයුතු කර නැහැ.

මූලිකව මෙමෙ චෝදනාව TikTok සේවාව වෙත එල්ල වුණු අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ මෙම දත්ත භාවිතා කරමින් ඔවුන්ගේ anti-spam පහසුකම ක්‍රියාත්මක වන බව වන අතර ඔවුන් ද එම පහසුකම ඉවත් කරමින් අලුත් update එකක් ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

ඉදිරි සති කිහිපය ඇතුලත් iOS 14 සංස්කරණයේ public beta එකක් බළාපොරොත්තු විය හැකි බවත්, ඒ සමඟින් තවත් මෙවැනි apps පිළිබඳව දැනගත හැකි වනු ඇති බවත් The Verge වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.