පසුගියදා ඉන්දියාව තුළ TikTok ඇතුළු China-based apps ගණනාවක් ban කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයි
ඉන්දියාව සහ චීනය අතර පසුගිය දින වල දේශ සීමා නිසාවෙන් ඇතිවී තිබුණු උණුසුම්තත්ත්වය පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් ඇති. ඔන්න දැන් ඉන්දියාව විසින් ඔවුන්ගේ රටේ ආරක්ෂ‍ාව වෙනුවෙන් චීනය විසින් නිෂ්පාදනය කළapps 59ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කර ඇති අතර එරට තුළ මෙන්ම ලොව පුරාඉතාමත් ජනප්‍රිය TikTok,…

මේ වනවිට එම ban කිරීමත් සමඟ TikTok සේවාවේ මව් සමාගම වන ByteDance Ltd. සඳහා සෘජුවම විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වනු ඇති බව අපේක්ෂා කරන අතර එම මුදල ඩොලර් බිලියන 6 ක් පමණ වනු ඇති බව The Economic Times වෙබ් අඩවිය විසින් මෑතකදී නිකුත් කල වාර්තාවක් හරහා වාර්ථා වෙනවා.

ByteDance සමාගම විසින් නිර්මාණය කල Helo වැනි apps ද හින්දි, තෙළිඟු, දෙමළ, මලයාලම් වැනි භාෂාවලින් ලබා ගත හැකි අතිශය ජනප්‍රිය social media app එකක් වූ අතර එම app එකද ඉන්දියාව විසින් තහනම් කරන ලද apps ලැයිස්තුවේ සඳහන් කර ඇති බැවින්, එම app එක ban වීමද සමාගමට මෙතරම් මුදල් ප්‍රමාණයක් අහිමි වීමට තවත් හේතුවක් වනු ඇති බව අනුමාන කෙරෙනවා.

කොහොම නමුත් මේ අවහිර කිරීම හරහා එම ලැයිස්තුවේ ඇති අනෙකුත් සමාගම් සඳහා කොපමණ ආදායමක් අහිමිවනු ඇත්දැයි තවමත් වාර්ථා වන්නේ නැති නමුත් මෙය ByteDance සමාගමට නම් ඉතාමත් විශාල පහරක් වනු නොඅනුමානය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය, Caixin Global වෙබ් අඩවිය සහ Economic Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.