Privacy focused search engine එකක් ලෙස ලොව පුරා ජනප්‍රිය DuckDuckGo සේවාව පසුගිය ජූලි මස 1 වැනි දින සිට ඉන්දියාවේ බොහෝ පරිශීලකයින් සඳහා access කිරිමට නොහැකි වූ බව වාර්ථා වුණා.

එම සිද්ධියෙන් පසුව නැවතත් DuckDuckGo සේවාව ඉන්දියාවේ ප්‍රතිස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බව මේ වන විට Android Police වෙබ් අඩවිය විසින් වාර්ථා කර සිටිනවා.

මෙම outage එක සිදුවීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නොවන අතර සමහර පරිශීලකයින් ප්‍රකාශ කරනු ලැබුවේ ඉන්දියානු රජය මෙම අවහිරය පිටුපස සිටින බව වන නමුත් තවත් පිරිසක් ප්‍රකාශ කර සිටින්නේ මෙය DNS සම්බන්ධ දෝෂයක් විය හැකි බවයි.

DuckDuckGo ආයතනය විසින් Twitter පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සෙනසුරාදා උදෑසන වන විට මෙම සේවාව ඉන්දියාවේ යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බවයි.

ජූනි මස 29 වන දින ඉන්දියාවේ Ministry of Electronics and Information Technology ආයතනය විසින් TikTok සහ WeChat ඇතුළු චීනය මූලික කරගත් apps 59 ක් පමණ තහනම් කිරීමට පියවර ගත් අතර ඒ පිළිබඳව අප මීට පෙර ලිපියක් මගින් දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයි
ඉන්දියාව සහ චීනය අතර පසුගිය දින වල දේශ සීමා නිසාවෙන් ඇතිවී තිබුණු උණුසුම්තත්ත්වය පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් ඇති. ඔන්න දැන් ඉන්දියාව විසින් ඔවුන්ගේ රටේ ආරක්ෂ‍ාව වෙනුවෙන් චීනය විසින් නිෂ්පාදනය කළapps 59ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කර ඇති අතර එරට තුළ මෙන්ම ලොව පුරාඉතාමත් ජනප්‍රිය TikTok,…

පෙන්සිල්වේනියාවේ මූලික කොටගෙන ක්‍රියාත්මක වන DuckDuckGo සේවාව ද නොදැනුවත්වම එහි ප්‍රතිඵලක් ලෙස අවහිර කර තිබේද යන්න තවමත් පැහැදිලි නැති නමුත් ඉන්දීය රජයේ ජුනි 29 වන දින තහනම් කල apps ලැයිස්තුවේ DuckDuckGo සේවාවේ නම අන්තර්ගත වී තිබුණේ නැහැ.

ඉන්දීය රජය වෙතින් මේ පිළිබඳව විමසීමක් සිදු කළ නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබී නැති බව DuckDuckGo ප්‍රකාශකයකු විසින් සඳහන් කර ඇති අතර, DuckDuckGo අවහිර කරන ලෙස ඉන්දීය රජය ඉන්දියානු අන්තර්ජාල සැපයුම්කරුවන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ ඇයිද යන්න ගැන ඔවුන් පුදුමයට පත්වන බවත් මෙය ඉක්මනින් විසඳෙනු ඇති බව විශ්වාස කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

කොහොම නමුත් තවමත් ACT Fibernet සහ Vodafone යන සේවා සපයන්නන් විසින් මේ DuckDuckGo සේවාව වාරණය කිරීමට කටයුතු කරනු ලබන බවත් Android Police වෙබ් අඩවිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක