WhatsApp හරහා sticker භාවිතා කිරීමේ පහසුකම WhatsApp භාවිතා කරනු ලබන සියළු දෙනා හට ම ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

WhatsApp වලදී මේ Sticker පහසුකම ලබා දීමට පෙර imo, Viber වැනි apps මගින් මෙම පහසුකම් ලබා දී තිබුණ ද WhatsApp Sticker chatting පහසුකම ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් ලෙස මෙහි, තමන් කැමති රූපයක් හෝ හැගීමක් WhatsApp Sticker එකක් ලෙස සකසා තම ස්ටිකර් ලැයිස්තුවට එක් කර ගැනීමට හැකියාව ලැබීම පෙන්වාදිය හැකි වෙනවා.

ඉතින් මේ හඳුන්වාදීමත් සමඟින් ලොව පුරා මේ පහසුකම ක්ෂණියකින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණු අතර අපේ Techie team එකෙන් ද මේ වෙනුවෙන් Sticker pack එකක් නිර්මාණය කරන්නට කටයුතු කළා.

Techie - Trending Sticker Pack

Viber, Messenger වැනි අනෙකුත් applications වලට Stickers එකතු කිරීමට වඩා, ඉතාමත් පහසු ආකාරයෙන් WhatsApp වලට stickers එකතු කිරීමේ හැකියාව ලබා දීමට ඔවුන් කටයුතු කර ඇති අතර ඕනෑම කෙනෙකුට පහසුවෙන් sticker pack එකක් නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍යය වන සියළුම විස්තර ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා ලබා දීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් මේ සඳහා සරළ programming දැනුමක් අවශ්‍යය වන අතර, මීටත් වඩා පහසුවෙන් තමන්ගේම sticker එකක් නිර්මාණය කරගතහැකි ක්‍රමයක් ගැන මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ ආකාරයෙන් තමන්ගේම stickers නිර්මාණය කර ගැනීම සඳහා Google Play Store එකේ apps කිහිපයක්ම ඇති අතර විශේෂයෙන්ම ඒවා download කරගැනීමට පෙර එහි reviews කියවා බලන්නට අමතක කරන්න එපා.

Sticker Maker for WhatsApp නම් වූ app එක භාවිතා කර තමන්ගේම sticker එකක් නිර්මාණය කරගන්නා ආකාරය මෙහිදී සාකච්ඡා කිරීමට අපි බළාපොරොත්තු වෙනවා.

  1. Sticker Maker for WhatsApp app එක download කර install කරගන්න.
  2. එය open කිරීමෙන් පසුව, Create a new stickerpack යන option එක මත tap කරන්න
  3. ඒ මගින් ලැබෙන popup එක හරහා අදාල විස්තර ඇතුලත් කර create යන button එක මත tap කරන්න

Sticker-creation-step-1-tech-news-sri-lanka
Sticker-creation-step-2-tech-news-sri-lanka

  1. දැන් ඔයාගේ phone එකේ තිබෙන images හෝ camera එක භාවිතා කර photos තෝරාගෙන sticker වශයෙන් add කරගතහැකි අතර එසේ එකතුකිරීම අවසන් වූ පසුව, Publish Sticker Pack යන option එක හරහා WhatsApp වලට මේ අලුත් sticker pack එක ඇතුලත් කරගතහැකි වෙනවා
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp වෙබ් අඩවිය හා Beebom වෙබ් අඩවිය භාවිතා කළ හැක.