Emoji, GIF, Sticker යනු අප එකිනෙකා අතර Chat කිරීමේදී වචනයෙන් කිවනොහැකි හැගීම් කියා සිටීමට භාවිතා කරන ල‍ොව පුරා වෙසෙන ඕනෑම පුද්ගලයෙකු හට එකම අකාරයට භාවිතා කළ හැකි විශ්ව භාෂාවක් බවට මේ වන විට පත් වී තිබෙනවා.

එම නිසාම බ‍ොහොමයක් instant messaging app වල Emoji, GIF සහ Stickers එකිනෙකා අතර හුවමාරු කරගත හැකි පහසුකම දැක ගත හැකිවනවා. නමුත්  දිනකට මිලියන 315 පමණ දෙනා එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරන WhatsApp වලට ඉහත සදහන් කළ Sticker භාවිතා කිරීමේ පහසුකම නම් මේ වන තුරු ලැබී තිබුණේ නැහැ.

කොහොම නමුත් WhatsApp ආයතනය ඔවුන්ගේ නිළ Blog අඩවියෙහි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මීළඟ සති කිහිපය ඇතුලත WhatsApp භාවිතා කරනු ලබන සියළුමදෙනා හට WhatsApp Stickers භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙන බවයි.

මේ පහසුකම ලබා දීමෙන් අනතුරුව තමන් කැමති sticker pack එකක් download කරගැනීමට අවස්ථාව ලැබෙන අතර තමන් වැඩියෙන්ම කැමති stickers favorite list එකට ඇතුලත් කර තබා ගැනීමටත් භාවිතා කරන්නාට අවස්ථාව ලැබෙනවා.

මීට අමතරව Love, Sad, Happy වැනි කාණ්ඩ ඔස්සේ මෙම stickers වර්ග කර ඇති අතර මේ අනුව අදාල මොහොතේ ප්‍රකාශ කිරීමට අවශ්‍යය හැඟීම වෙනුවෙන් ගැලපෙනම sticker එක තෝරා ගැනීමට භාවිතා කරන්නාට හැකියාව ලැබෙනවා.

මෙහිදී ලබා දෙන default Stickers වලට අමතරව + button එක මත tap කිරීම මගින් තවත් විවිධ ආකාරයේ Stickers download කර ගැනීමට හැකියාව ලැබෙන අතර ම භාවිතා කරන පුද්ගලයාගේ කැමත්ත මත Google Play Store හරහා අමතර Sticker Packs download කරගැනීමට ද හැකියාව ලැබෙනවා.

මේ පහසුකම දැනටමත් ඔවුන්ගේ WhatsApp Beta 2.18.329 සංස්කරණය හරහා සාර්ථකව අත්හදා බැලීමට කටයුතු කර ඇති අතර මේ වන විටත් WhatsApp stable channel එකේ සිටින කිහිපදෙනෙකු හටත් මෙම update එක ලැබී තිබෙනව බව දැනගන්නට ලැබෙනවා.

මීට අමතරව ඔයා කැමති නම් ඔයාගේම Sticker pack එකක් නිර්මාණය කරන්න, ඔන්න ඒ සඳහා අවස්ථාව ලබා දීමටත් WhatsApp ආයතනය දැන් අවස්ථාව ලබා දී තිබෙනවා.

මීළඟ සති කිහිපය අතරතුරදී සියළුම iOS සහ Android ජංගම දුරකථන වලට මෙම WhatsApp stickers පහසුකම නිකුත් කිරීමට ඔවුන් කටයුතු කරනු ලබන බව WhatsApp ආයතනය  ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා නිළ WhatsApp Blog අඩවිය, theverge වෙබ් අඩවිය හා androidpolice වෙබ් අඩවිය භාවිතා කළ හැක.