Google සමාගම විසින් Android 10 හි පළමු stable build එක release කර මාස කිහිපයකට පසු OPPO විසින් ColorOS 7 නිවේදනය කරනු ලැබූ අතර ඒ පිළිබදව විස්තර අප ඔබ වෙත මීට පෙර ගෙන ආවා මතක ඇති.

නොවැම්බර් මස 20 වැනි දින ColorOS 7 සංස්කරණය එළිදැක්වීමට Oppo සමාගම සූදානම් වෙයි
ජනප්‍රිය චීන ජංගම දුරකථන නිෂ්පාදකයෙකු වන Oppo සමාගම[https://en.wikipedia.org/wiki/Oppo] විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වලට අන්තර්ගතකරනු ලබන ColorOS 7 සංස්කරණය නිකුත් කිරීමට මේ වන විට සූදානම් වෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මස මෙහි 6 වැනි සංස්කරණය නිකුත් කිරීමට මොවුන් කටයුතු කළඅතර, මේ වසරේ ද නොවැම්බර් ම…

ColorOS 7 වලදී ColorOS 6 වලට වඩා විශාල improvements ප්‍රමාණයක් දැක ගැනීමට හැකි වූ අතර අලුත්ම minimalist UI එක, හොඳ dark mode implementation එක මෙන්ම Android වල notification features සදහා සම්පූර්ණ සහාය දැක්වීම ආදිය ඉන් කිහිපයකි.

ඉහත නිවේදනයෙන් ටික කලකට පසු, OPPO සමාගම විසින් OPPO F11 සහ OPPO F11 Pro යන ජංගම දුරකථන ඇතුළුව devices කිහිපයක් සඳහා ColorOS 7 beta version එකක් ලබා දුන් අතර ඉන් පසුව OPPO Find X, R17, R17 Pro වැනි තවත් devices කිහිපයක් ද මෙම වසර මුල දක්වා beta testing සඳහා බඳවා ගැනීම සිදු කරන ලදී.

එතැන් සිට, OPPO Reno2 / z, F11 / F11 Pro, A9, සහ R17 ඇතුළු උපාංග අතලොස්සකට මෙහි stable update එකක් ලබා දෙන ලද අතර අමතර වැඩිදියුණු කිරීම් කිහිපයක් සමඟින් සමාගම සිය Find X2 series එක සදහා ColorOS 7.1 එළිදක්වා තිබේ.

කෙසේ වෙතත් තවත් OPPO devices ගණනාවකට තවමත් ස්ථාවර ColorOS 7 update එකක් ලැබී නොමැත.

Source: ColourOS 7 නිල Twitter ගිණුම

OPPO devices සදහා ColorOS 7 ලැබෙන්නේ කවදාද යන්න පිළිබඳ අදහසක් ලබා දීම සඳහා OPPO දැන් යුරෝපය සහ අනෙකුත් කලාප සඳහා rollout schedule එකක්, එනම් අදාල ජංගම දුරකථන වලට මෙම update එක ලැබෙන දින වකවානු පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ColourOS 7 නිල Twitter ගිණුම හරහා මෙම කාලසටහන share කර ඇති අතර, OPPO සමාගම විසින් මාස කිහිපය තුළ කලාප කිහිපයක updates ලබාදීම ළඟදීම සිදුකරන බව එමඟින් අනාවරණය කර ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, ColorOS Community එක සහ ColourOS 7 නිල Twitter ගිණුම භාවිතා කළ හැක.