Qualcomm Quick Charge යනු Qualcomm සමාගමේ Snapdragon SoC සහිත දුරකථන බොහො ගණනක් භාවිතා කරන fast wired charging technology එක් වන අතර මේ වන විට Qualcomm සමාගම ඔවුන්ගේ අලුත් charging technology එක වන Quick Charge 3+ හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

Introducing Qualcomm Quick Charge 3+, fast and efficient charging for the masses
Meet out latest addition to the Quick Charge family.

Quick Charge 3+ තාක්ෂණය Snapdragon 765 සහ Snapdragon 765G යන chipset සඳහා මුලින්ම ලබාදෙන අතර මේ Snapdragon 700 series එක මිලෙන් අඩු mid-range ජංගම දුරකථන සඳහා අන්තර්ගත කරනු ලබන බැවින්, mid-range ජංගම දුරකථන වලට මේ පහසුකම ලැබෙනවා.

Qualcomm සමාගම පවසන්නේ මෙම technology එක මගින් මිනිත්තු 15 කින් 0 - 50% දක්වා charge කරගත හැකි බවත් මෙය කලින් පැවති generation වලට එකට වඩා 35% වේගවත් කර ඇති බවත් ය.

එමෙන්ම ඔවුන් පවසන අන්දමට Quick Charge 3+ තාක්ෂණය මගින් device charge කිරිමේදි පෙරටත් වඩා 9°C සිසිල්ව දුරකථනය තබා ගත හැකි බව වන නමුත් Qualcomm සමාගම විසින් මෙම දත්ත ලබාගැනිම සදහා භාවිතා කල පරීක්ෂණ පිළිබද වැඩි විස්තර හෙලි කර නොමැත.

Quick Charge 3+ තාක්ෂණය USB Type-A සිට USB Type-C දක්වා සහාය දක්වන බවත් මෙම තාක්ෂණය දැනටමත් Qualcomm Snapdragon 765 සහ Snapdragon 765 G SoCs සදහා අන්තර්ගත කර ඇති නමුත් මෙම වසර අගදී හඳුන්වා දෙන නව Snapdragon mobile platforms සඳහා ද මෙම තාක්ෂණය භාවිතා වනු ඇත.

Xiaomi හි නව Mi 10 Lite Zoom එහෙමත් නැතිනම් Xiaomi Mi 10 Youth Edition යන නමින් හදුන්වන ජංගම දුරකථනය Qualcomm Quick Charge 3+ සහ Quick Charge 4+ යන technology දෙකටම එකවර සහාය දක්වන පළමු device එක වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා xda-developers වෙබ් අඩවිය සහ නිළ Qualcomm නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.