ව්‍යාපාරික ස්ථාන වලට තම පාරිභෝගියකන් හා පහසුවෙන් සම්බන්ධ වීම වෙනුවෙන් මීට වසරකට පමණ ඉහතදී WhatsApp Business නමින් app එකක් Android වලට හඳුන්වා දීමට WhatsApp ආයතනය කටයුතු කළා මතක ඇති.

මේ වන විට WhatsApp Business සමඟින් ලොව පුරා මිලියන 5ක පමණ පිරිසක් එකතු වී සිටින බව පසුගිය ජනවාරි මාසයේදී WhatsApp සමාගම නිවේදනය කර තිබෙනවා.

කොහොම නමුත් මේ වන තුරු මෙම සේවාව iOS සඳහා ලබා දීමට මොවුන් කටයුතු කර නොතිබූ නමුත්, ඔන්න දැන් iPhone භාවිතා කරන්නන් සඳහා මේ WhatsApp Business app එකේ beta version එකක් ලබා දීමට කටයුතු කර තිබෙන බව දැගන්නට ලැබෙනවා.

මේ WhatsApp Business beta සංස්කරණය සියළුම රටවල් වල වෙසෙන iOS භාවිතා කරන්නන් හට මේ වන විට download කරගැනීමේ හැකියාව තිබෙන අතර දැනට පවතින් සාමාන්‍යය WhatsApp account එකක්, Business account එකක් බවට පත් කිරීමේ හැකියාව ද මෙයට අන්තර්ගත කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා WABetaInfo වෙබ් අඩවිය හා Gadgets360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.