දිනෙන් දින ඇතිවන මිළ පහළ යෑම හේතුවෙන් මේ දින වල Cryptocurrency market එකට ඒ තරම් හොඳ කාලයක් නම් නොවුනත්, ethereum tokens තිබෙන අයට ඔන්න Opera Browser එකේම ඒවා store කරගැනීමේ පහසුකම ලබා දීමට Opera සමාගම කටයුතු කර තිබෙනවා.

අද දින ලන්ඩන් නගරයේ පැවත් blockchain event එක අතරතුර තම Android Web Browser එකට Cryptocurrency wallet එකක් එකතු කර තිබෙන බව Opera සමාගම විසින් නිවේදනය කර තිබෙනවා.

මූලිකව මෙය Ethereum වලට පමණක් සහාය දක්වන අතර නුදුරු අනාගතයේදී අනෙකුත් coins වලට ද සහාය දක්වන ලෙස සකස් කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

කොහොම නමුත් මෙම පහසුකම තවමත් iOS මත Opera Browser එක භාවිතා කරනු ලබන පරිශීලකයන් හට නම් ලබා දීමට Opera සමාගම කටයුතු කර නැහැ.

මේ අනුව තමන් මිලදීගන්නා ether tokens තම ජංගම දුරකථනයේ Opera Browser එක තුල ගබඩා කර ගබා ගැනීමට මෙන්ම, එලෙස රඳවා තබාගන්නා coins හරහා සෘජුවම වෙනත් පාර්ශවයන් වෙත ගෙවීම් සිදු කිරීමට ද ethereum හිමිකරුවන් හට අවස්ථාව ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Opera වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.