Oneplus සමාගමෙහි AR launch event එක ඔස්සේ ප්‍රධාන වශයෙන් OnePlus Nord ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කර අතර OnePlus Nord ජංගම දුරකථනය පිළිබඳව අප ඔබව මින් පෙර ලිපියක් මඟින් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම mid-range ජංගම දුරකථනය වන OnePlus Nord එළිදැක්වීමට කටයුතු කරයි
OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකථනය වන OnePlus Nord ජංගම දුරකථනය AREvent එකක් [/the-oneplus-nord-will-be-officially-revealed-on-july-21st/] හරහාමෙම මස 21 වැනි දින එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළාමතක ඇති. OnePlus Nord ජංගම දුරකථනය ජූලි මස 21 වැනි දින AR Event …

OnePlus Nord device එක එළිදැක්වීමට සමගාමීව OnePlus සමාගම සිය true wireless earbuds යුගලය වන OnePlus Buds ද එළිදැක්වීමට කටයුතු කල අතර මෙහි පෙනුම Vivo TWS Neo earbuds වලට තරමක් සමාන නමුත් මෙහි ඇති specifications පිළිබඳ අවධානය යොමු කරන විට ‍බොහෝ වෙනස්කම් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

OnePlus Buds හි specs:
  • Dimensions සහ Weight
    Earbud: 18.81 x 16.13 x 37.89mm 4.7g
    Case: 52.21 x 59.62 x 37.89mm 37g
  • Battery සහ Charging
    Earbud: 35mAh
    Case: 430mAh
  • Speaker සහ Mic
    13.4mm drivers
    3x Mics
  • Connectivity
    Bluetooth 5.0, Google Fast Pair support
  • Colors
    White, Gray, Nord Blue

එක් earbud unit එකක් 13.4mm. dynamic driver එකකින් සමන්විත වන අතර 35mAh battery එකක් සහ microphones තුනකින් ද සමන්විත වෙනවා.

මෙහි ඇති කුඩා battery එක මඟින් පැය 7 ක් දක්වා music playback කිරීමට හැකියාව ඇති අතර charging case එකෙහි ඇති 430mAh battery එකත් සමඟ එම කාලය පැය 30 ක් දක්වා දීර්ඝ කරගැනීමට හැකියාව ලැබෙන බවට වාර්ථා වෙනවා.

OnePlus Buds USB Type-C හරහා fast charging සඳහා ද සහාය දක්වන නිසාම ඔබට විනාඩි 10ක් වැනි සුළු කාලයක් charge කිරීමෙන් පසු පැය 10 ක අමතර playback කාලයක් ලබාගැනීමේ හැකියාව ලැබෙන නමුත් මෙය wireless charging තාක්ෂණය සඳහා සහාය දක්වන්නේ නැහැ.

Connectivity සඳහා OnePlus Buds විසින් Bluetooth 5.0 තාක්ෂණය භාවිතා කරන අතර Google Fast Pair සඳහා ද සහාය දැක්වීම නිසාවෙන් first time pairing process එක සරල වීම, වඩා හොඳ තත්ත්වයේ battery details ලබාදීම සහ සහ Find My Accessories විශේෂාංගය මගින් device එක සොයාගැනීමේ හැකියාව ද මෙයට අන්තර්ගත වෙනවා.

මෙම earbuds යුගලය IPX4 water-resistant වන අතර මෙහි ඇති low-latency fnatic Mode එක මඟින්, සාමාන්‍යයෙන් bluetooth headset වල ඇති ප්‍රමාදය 103ms දක්වා අඩුකරයි.

තවද, ඇමතුමක් ලබාගන්නා අතරතුර background noise ඉවත් කිරීම සඳහා ambient noise reduction පහසුකම ද මෙයට ඇතුලත් කර ඇති අතර සෑම earbud එකකම ඇති touch sensitive area එක මගින් ඇමතුම්වලට පිළිතුරු දීමට සහ ප්‍රතික්ෂේප කිරීමට, music play සහ pause කිරීමට මෙන්ම double tap එකක් හරහා low-latency Fnatic Mode එක enable කර ගැනීමට සහ long-press gestures සකස් කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඔබ කිසියම් gestures එකකට අකමැති නම්, Software update එකකින් පසුව ඔබගේ OnePlus device එක මඟින් මෙම options customize කිරීමේ හැකියාවද ඔබට ලැබෙනු ඇති අතර මෙම gestures customize කිරීමේ option එක ලැබෙන්නේ OnePlus devices සඳහා පමණක් වීම තරමක් කණගාටුදායකය කරුණකි.

The earbuds are available in white, gray, and blue, with the latter an exclusive to Europe and India. | Image: OnePlus

OnePlus Buds යුරෝපයේ සහ ඉන්දියාවේ ගැනුම්කරුවන් හට White, Gray සහ Nord Blue ලෙස variants තුනකින් තෝරා ගත හැකි අතර අනෙකුත් කලාප සඳහා earbuds ලබාගත හැකි වන්නේ White සහ Gray යන variants වලින් පමණි.

මෙහි මිල පිළිබඳව අවධානය යොමුකිරීමේදී, ඔබ සිටින රට අනුව OnePlus Buds වල මිල ඉන්දියානු රුපියල් 4,990/ ඇමෙරිකානු ඩොලර් $79/ බ්‍රිතාන්‍ය පවුම් £79/ යූර‍ෝ €89ක් පමණ වන අතර OnePlus Nord මෙන් නොව OnePlus Buds ලොව පුරා පාරිභෝගිකයින් හට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් තවමත් OnePlus ආයතනය විසින් ඔවුන්ගේ නව TWS earphones ලබා ගත හැකි දිනයක් පිළිබඳව තොරතුරු නිකුත් කර නොමැති නමුත් Amazon India listing වලට අනුව අගෝස්තු 4 වනදා සිට මෙය මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.