OnePlus ආයතනය විසින් public charging stations සොයාගැනීම පහසු කිරීම සඳහා නව විශේෂාංගයක් හඳුුන්වාදීමට සූදානම් වන බව අනාවරණය කරගැනීමට XDA-Developers වෙබ් අඩවිය මේ වන විට සමත් වී තිබෙනවා.

ඒ පසුගියදා XDA-Developers වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන Some_Random_Username විසින් Android 11 Beta 1 තුළ OnePlus 8 සහ OnePlus 8 Pro සඳහා ඇති Settings app එකෙහි තිබූ නව strings කිහිපයක් සොයාගැනීමත් සමඟයි.

<string name="op_charging_Station_mute_notifications">Mute Notifications</string>
<string name="op_charging_station">Charging Stations</string>
<string name="op_charging_station_no_station">No charging stations nearby</string>
<string name="op_charging_station_summary">Notify when there is a charging station nearby</string>
<string name="op_charging_stations">Charging stations</string>
<string name="op_charging_stations_off_description">To find the charging stations, location permission is required to detect BLE beacons. Please provide access to location to start using this feature.</string>
<string name="op_charging_stations_off_header">To find the charging stations,location permission is required to detect BLE beacons. Please provide access to location to start using this feature.</string>
<string name="op_find_charging_stations">Find Stations</string>

මෙම strings තුළ ඇති විස්තර මගින් පෙන්නුම් කරන්නේ OnePlus සමාගම විසින් විසින් සිය පරිශීලකයින් හට ඔවුන්ගේ දුරකථන ඉක්මනින් ආරෝපණය කර ගැනීම සඳහා Charging Stations ජාලයක් ගොඩනැගීමට කටයුතු කරන බවයි.

මේ වන විටත් OnePlus Charging Stations ඉන්දියාවේ Bengaluru ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථාපනය කර ඇති බව UrAvgHomoSapien විසින් tweet එකක් එක් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

Bengaluru හි Kempegowda ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපනය කර ඇති මෙම OnePlus Charging Station එකෙහි OnePlus devices සඳහා 30W Warp Charging පහසුකම සඳහා සහාය දක්වන USB Type-A ports දෙකකින් සමන්විත වෙන අතර වෙනත් gadgets සඳහා international plug එකක් ද මෙහි දැක ගැනීමට හැකි වෙනවා.

ඉදිරියේදී 65W Warp Charging සඳහා ද සහාය දැක්වීමට හැකිවන පරිදි OnePlus විසින් මෙම Charging Stations යාවත්කාලීන කිරීමටද ඉඩ ඇති බව අනුමාන කෙරෙනවා.


මෙම Charging Stations BLE beacons (Bluetooth low energy beacon) වලින් සමන්විත වන අතර එමඟින් ඔවුන්ගේ අනන්‍යතාවය අසල ඇති උපාංගවලට (මෙම අවස්ථාවේදී OnePlus දුරකථන වලට) broadcast කිරීමට ඉඩ සලසනු ලබනවා.

ඊට අමතරව settings app එක තුළින් හමු වූ graphic asset මඟින් ද මේ පිළිබඳව වඩා හොඳ අදහසක් ලබාගත හැකිය.

Graphic assets

Beta version එක තුළ තවදුරටත් අධ්‍යනය කිරීමෙන් පසුව මෙම “charging station” විශේෂාංගයට අදාළ classes කිහිපයක්ද හදුනාගැනීමට හැකි වී ඇති අතර එහි ඇතුළත් වන්නේ,

  • OPChargingStationPrefController
  • OPChargingStationHeaderController — ආරෝපණ ස්ථානයෙන් දුර ලබා ගැනීම සඳහා වන code snippets සහ ආරෝපණ මධ්‍යස්ථානයේ නම
  • OPChargingStationSettings — notifications mute කිරීම සඳහා option එකකට අදාල code snippets.

Beta version එකෙහි “com.oneplus.chargingpilar” නම් වූ package name එකක් පිළිබඳව ද සඳහනක් ඇති අතර එයින් ඇඟවෙන්නේ මෙම feature එක ක්‍රියාත්මක වීමට අවශ්‍ය supporting app එකක් ද ඇති බවයි.

මෙම feature එකට අදාළ setting preferences කිහිපයක් ද අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇත.

  • op_charging_stations_feature_on
  • op_charging_station_beacon_name
  • op_charging_station_beacon_distance
  • op_charging_stations_mute_notification

OnePlus සමාගම විසින් මෙම feature එක ප්‍රකාශයට පත් කරනු ලබන කාළ වකවානුවක් පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති නමුත් OnePlus 8T ජංගම දුරකථනය එළිදැක්වීමත් සමඟින් මෙම පහසුකම නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව අනුමාන කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක