පසුගිය මාසයේදී Google Duo හරහා group call ලබා ගැනීමේ පහසුකම සහ අලුත් features රැසක් ලබා දීමට සූදානම් වන බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Chrome භාවිතා කරමින් Google Duo හරහා group call ලබාගැනීමේ පහසුකම සහ අලුත් features රැසක් ලබාදීමට සූදානම් වෙයි
Google Duo සේවාවේ [https://duo.google.com/about/] web app එක සදහා group videocalling පහසුකම ලබා දීමට ‍කටයුතු කරනු ලබන බව මේ වන විට Google සමාගම විසින්නිවේදනය [https://www.blog.google/products/duo/family-mode] කර තිබෙනවා. COVID-19 වසංගතය හේතුවෙන් සමාජ-දුරස්ථව සිටියදී මිතුරන් හා පවුලේ අය සමඟ සම්බන්…

මේ වන විට Google Duo PWA එක, එහෙමත් නැතිනම් web app එක භාවිතා කරන්නන් හට එක් වරකට පුද්ගලයන් 32 ක් දක්වා group call සඳහා සම්බන්ධ කරගැනීමේ හැකියාව ලබාදී ඇති බව වාර්ථා වෙනවා.

මේ අනුව පසුගිය වසර කිහිපය තුළ group calls Android සහ iOS apps සඳහා පමණක් සීමා වූ group call පහසුකම මේ වන විට web app එක හරහා ද භාවිතා කළ හැකි අතර, දැනට තිබුණු පුද්ගලයන් 12 සීමාව 32ක් දක්වා ඉහළ දැමීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ දී මෙම සීමාව පුද්ගලයන් 8 දෙනෙක් දක්වා පමණක් සීමා කර තිබූ අතර COVID-19 වසංගතය හේතුවෙන් Google Duo භාවිතා කරන්නන් ප්‍රමාණය වැඩි වීමත් සමඟින් එම ප්‍රමාණය 12 දක්වා ඉහළ දැමීමට කටයුතු කරනු ලැබුවා.

මේ අතර, duo.google.com දැන් desktop සඳහා Web App එකක් ලෙස භාවිතයට ගැනීමට හැකියාව පවතින අතර Google Chrome හරහා duo.google.com වෙත පිවිසුනු විට Chrome හි address bar එකෙහි පෙන්වන install button එක හරහා මෙය app එකක් ලෙස install කරගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ Android police වෙබ් අඩවිය භාවිතා කළ හැක.