Vivo සමාගම මෙම වසරේ පෙබරවාරි මාසයේදී European Trademark Office (EUIPO) හි "Vivo Watch" යන වෙළඳනාමය ලියාපදිංචි කිරීමට කටයුතු කල අතර දැන් චීනයේ Weibo වෙබ් අඩවියෙහි පරිශීලකයෙකු පවසන්නේ Vivo සමාගම නිකුත් කිරීමට යන Smartwatch 2 ක් සඳහා 3C Certification එක ලැබී ඇති බවයි.

3C Certification යනු CCC හෙවත් China Compulsory Certificate, එනම් චීනයේ අලුත් උපාංගයක් නිකුත් කරන විට ලබාගතයුතු අනිවාර්යය සහතිකයක් වන අතර එය සෞඛ්‍ය, සනීපාරක්ෂාව, ආරක්ෂාව, පරිසරය සහ වංචා-විරෝධී නිෂ්පාදන අධීක්ෂණය කිරීම තුළින් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගත් අනිවාර්ය නිෂ්පාදන සහතික කිරීමේ පද්ධතියක් වෙනවා.

මෙම Certification එක ලැබීමත් සමඟ Vivo නමින් Smartwatch එකක් නුදුරු දිනකදීම වෙළඳපොලට නිකුත් වනුඇති බව අනුමාන කලහැකි වන අතර මෙම සහතිකය අනුව Vivo Watch සතුව Audio Playback, 5W fast charging ආදී පහසුකම් ඇති බවද වාර්තා වනවා.

3C Certification එක ලබා ගැනීම සඳහා ඉල්ලුම් කල Smartwatch එකේ Sketch එක අනුව මෙය රවුම් හැඩයක් ගන්නා අතර දකුණු පස physical button දෙකක් හා Heart rate sensor හා charging port ආදිය පිටුපස දක්නට ලැබේ.

කොහොම නමුත් මෙහි මිල ගණන් හෝ ඇතුලත් වියහැකි පහසුකම් පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා නොවන නමුත් අනෙක් සාමාන්‍ය Smartwatch එකක ඇති සියලුම පහසුකම් මෙහි ඇතුලත් වනු ඇති බව අනුමාන කල හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizchina වෙබ් අඩවිය සහ BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.