මීට සතියකට පමණ පෙර OnePlus සමාගම විසින් ඔවුන්ගේ OnePlus 8T ජංගම දුරකතනය එළිදැක්වීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව අප ඔබව දැනුවත් කළා මතක ඇති.

OnePlus සමාගම විසින් 65W fast charging සහ 120Hz display එකක් සමඟින් OnePlus 8T ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කරයි
OnePlus සමාගම විසින් ඔක්තෝබර් 14 වනදා ඔවුන්ගේ OnePlus 8T ජංගම දුරකථනයඑළිදැක්වීමට නියමිතව ඇති බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus 8T ජංගම දුරකථනය ඔක්තෝබර් 14 වන දින නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම්වන ලකුණුOnePlus සමාගම විසින් ඉදිරියට නිකුත් කිරීමට නියමිත OnePlus 8T ජංගමද…

එමෙන්ම, OnePlus 8T ජංගම දුරකතනය මේ වනවිට වෙළඳපලට නිකුත් වීම ආරම්භ වී ඇති අතර ඉදිරි දිනවලදී OnePlus Nord N10 5G සහ N100 නමින් තවත් OnePlus Nord ජංගම දුරකතන දෙකක් එළිදැක්වීමටද OnePlus සමාගම සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ වනවිට වාර්තා වන තොරතුරුවලට අනුව, OnePlus 9 ජංගම දුරකතනය OnePlus සමාගමෙහි සුපුරුදු launch timeline එකට වඩා සති හතරකට පමණ පෙර, එනම් එළඹෙන මාර්තු මාසයේදී එළිදක්වනු ඇතැයි Android Central වෙබ් අඩවිය පෙන්වාදෙනවා.

OnePlus සමාගම සාමාන්‍යයෙන් සෑම වසරකම මැයි මාසයේදී ඔවුන්ගේ ප්‍රධාන flagship lineup එක එළිදැක්වීමට කටයුතු කරන නමුත්, මේ වසරේදී OnePlus සමාගම විසින් OnePlus 8 series එක අප්‍රේල් මාසයේදී එළිදැක්වීමට කටයුතු කළ බැවින් OnePlus 9 series එකත් බොහෝදුරට අපේක්ෂිත කාලයට පෙර එළිදැක්වීමට හැකියාවක් තිබෙනවා.

2021 දී බලාපොරොත්තු වූ කාලයට පෙර ජංගම දුරකතන එළිදක්වන එකම සමාගම OnePlus සමාගම පමණක් නොවන අතර මෑතකදී වාර්තා වූ ආකාරයට Samsung සමාගමද ඔවුන්ගේ Galaxy S21 (S30) lineup එක ලබන වසරේ ජනවාරි මාසයේදී එළිදැක්වීමට සැලසුම් කර තිබෙනවා.

Samsung සමාගමේ මීළඟ flagship ජංගම දුරකථනය වන Galaxy S21 (S30) මාදිලිය මීළඟ ජනවාරි මාසයේදී එළිදැක්වීමට සූදානම් වන ලකුණු
Samsung සමාගම සතු ප්‍රධානම flagship මාදිලි ද්විත්වය වන්නේ Galaxy S series එක හාGalaxy Note series එක වන අතර සාමාන්‍යයෙන් S series එක සෑම වසරකම මාර්තු මාසයේදීත්Note series එක සෑම වසරකම අගෝස්තු හෝ සැප්තැම්බර් කාලයේ දී නිකුත් කරන බව ඔබදැනටමත් දන්නා කාරණාවක් වෙනවා. දැනට 2020 වසරට අදාළව මෙම ‍flagship…

නව launch schedule එක පිළිබඳව Samsung සමාගම හෝ OnePlus සමාගම විසින් තවමත් පැහැදිලි කර නොමැති අතර සමාගම් දෙකම ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය ජංගම දුරකතන වෙළඳපොළට පැමිණීමට පෙර ඔවුන්ගේ flagships සඳහා වැඩි කාලයක් ලබාදීමට ලබන වසර මුලදී ඔවුන්ගේ flagships එළිදක්වනු ඇතැයි අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Android Central වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.