Intel සමාගම ඔවුන්ගේ CPU සඳහා මෙන්ම SSD storage සඳහා ද ප්‍රසිද්ධියක් ඉසිලූ ආයතනයක් වන අතර ඔවුන්ටම ආවේණික වූ memory technologies කිහිපයකට ද හිමිකම් කියනවා.

කොහොම නමුත් මේ වන විට Intel සමාගම ඔවුන්ගේ SSD ව්‍යාපාරය දකුණු කොරියානු chip නිශ්පාදනික සමාගමක් වන SK Hynix සමාගමට ඩොළර් බිලියන 9ක මුදලකට විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙනවා.

SK hynix to Acquire Intel NAND Memory Business | SK hynix Newsroom
SEOUL, Republic of Korea and SANTA CLARA, Calif., Oct. 20, 2020

මෙහිදී Intel සමාගමේ NAND SSD, component සහ wafer ව්‍යාපාරය මෙන්ම චීනයෙහි Dalian වල ඇති Intel NAND කර්මාන්තශාලාව ද SK Hynix සමාගමට ලබාදීමට නියමිත වෙනවා.

කොහොම නමුත් Intel සමාගමේ high-end memory තාක්ෂණයක් වන Optane memory technology එක මේ සමඟ අලෙවි නොකරනු ලබන බවත්, මෙම ගණුදෙනුව සම්පූර්ණ වීම බොහෝ විට 2021 වර්ෂයේ අවසාන භාගය පමණ වනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

මීට හේතුව මේ සඳහා රාජ්‍යය අනුමැතිය ලබාගැනීමට සිදුවීම වන බව වාර්තා වන අතර, ඒ දක්වා කාලය තුළ අදාල කර්මාන්තශාලා වල අයිතිය සහ නිෂ්පාදන කටයුතු Intel සමාගම සතු වන අතර එම ගණුදෙනුව සම්පූර්ණ වීමෙන් අනතුරුව පමණක් අදාල assets මෙන්ම Intellectual property rights ද SK Hynix සමාගමට පැවරීමට කටයුතු කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ SK Hynix වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.