OnePlus සමාගම විසින් ඔක්තෝබර් 14 වනදා ඔවුන්ගේ OnePlus 8T ජංගම දුරකථනය එළිදැක්වීමට නියමිතව ඇති බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

OnePlus 8T ජංගම දුරකථනය ඔක්තෝබර් 14 වන දින නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් වන ලකුණු
OnePlus සමාගම විසින් ඉදිරියට නිකුත් කිරීමට නියමිත OnePlus 8T ජංගම දුරකථනයපිළිබඳව බොහෝ තොරතුරු[https://9to5google.com/2020/09/14/oneplus-8t-design-leak-gallery/] පසුගිය දිනකිහිපය පුරාවටම අන්තර්ජාලය ඔස්සේ දැකගැනීමට අවස්ථාව ලැබුණා. මේ වනවිට වාර්තා වන නවතම තොරතුරු වලට අනුව OnePlus 8T ජංගම දුරකථනය එළ…

ඒ අනුව OnePlus සමාගම විසින් OnePlus 8T ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කළ අතර මින් පෙර අනුමාන කළ ආකාරයටම, නව OnePlus 8T ජංගම දුරකථනයේ නව 65W fast-charging තාක්‍ෂණයක් සහ 120Hz refresh rate එකකින් සමන්විත display එකක් දැකගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම event එකේදී OnePlus 8T ජංගම දුරකථනය එළිදැක්වීමට සමගාමීව OnePlus සමාගම විසින් OnePlus Buds Z නමින් නව true wireless earbuds යුගලයක්ද එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

OnePlus 8T ජංගම දුරකථනය ප්‍රධාන models දෙකකින් මිලදී ගැනීමට හැකියාව ඇති අතර ඉන් එකක් 8GB RAM සහ 128GB storage ලෙසත්, අනෙක් model එක 12GB RAM සහ 256GB storage ලෙසත් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

OnePlus 8T ජංගම දුරකථනයෙහි specification දෙස අවධානය යොමු කිරීමේදී, මෙම ජංගම දුරකථනය Snapdragon 865 processor එකකින් බලගැන්වෙන අතර මෙය 120Hz refresh rate එකක් සහ 1080p resolution එකක් සහිත අඟල් 6.55 ක Fluid AMOLED display එකකින් සමන්විත වෙනවා. එමෙන්ම මෙහි in-display fingerprint sensor එකක්ද අන්තර්ගත වෙනවා.

Connectivity දෙසට අවධානය යොමු කිරීමේදී, මෙය sub-6GHz 5G connectivity සඳහා සහාය දක්වන නමුත් mmWave සඳහා සහාය දක්වන්නේ නැහැ.

OnePlus 8T දුරකථනය Warp Charge 65 තාක්‍ෂණයත් සමඟ පැමිණෙන අතර OnePlus සමාගම පසුගිය මාසයේදී නිවේදනය කළ පරිදි, 65W charging technology එක මගින් OnePlus 8T device එකෙහි ඇති 4,500mAh battery එක විනාඩි 15 කින් සියයට 58 ක් දක්වා ආරෝපණය කළ හැකි අතර මිනිත්තු 39 ක් තුලදී battery එක සම්පූර්ණයෙන්ම ආරෝපණය කිරීමට හැකියාව ලැබෙනවා.

OnePlus 8T ජංගම දුරකථනයෙහි පසුපස quad-camera array එකකින් සමන්විත වන අතර එහි 48 MP main sensor එකක්, 16 MP ultrawide sensor එකක්, 5 MP macro sensor එකක් සහ 2 MP monochrome sensor එකක් සමන්විත වෙනවා. front camera එක hole-punch selfie cutout එකක් ලෙස 16 MP wide sensor එකක් අන්තර්ගත වෙනවා.

මීට අමතරව, OnePlus 8T දුරකථනය එළිදැක්වීමේදී එය Aquamarine Green සහ Lunar Silver ලෙස වර්ණ දෙකකින් ලබා ගත හැකි බව ප්‍රකාශ කරනු ලැබුවා.

OnePlus 8T ජංගම දුරකථනය පළමුවෙන්ම ඉන්දියාවේදී ලබා ගත හැකි අතර, early access sales OnePlus.in සහ Amazon.in ඔස්සේ ඔක්තෝබර් 16 වනදා සිට ආරම්භ වන අතර open sales ඔක්තෝබර් 17 වනදා සිට ආරම්භ වේ.

ඉන්දියාවේදී මෙහි 8GB/128 GB මාදිලිය ඉන්දියානු රුපියල් ₹42,999 ක් සහ 12GB/256 GB මාදිලිය ඉන්දියානු රුපියල් ₹45,999 ක් ලෙස සඳහන් වෙනවා.

යුරෝපයේ ඔක්තෝබර් 20 වනදා සිට OnePlus 8T ජංගම දුරකථනය මිලදී ගැනීමට හැකියාව පවතින අතර 8 GB/128 GB මාදිලිය පවුම් £549 සිට ආරම්භ වන අතර 12 GB/256 GB මාදිලිය පවුම් £649 ලෙස සඳහන් වෙනවා.

ඊට අමතරව මෙම දුරකථනය චීනයේ සහ හොංකොං හි ද මිලදී ගත හැකි අතර දුරකථනය ඔක්තෝබර් 23 සිට ලබා ගැනීමට හැකියාව පවතිනවා. එමෙන්ම OnePlus 8T ජංගම දුරකථනය OnePlus වෙබ් අඩවිය හරහා pre order කිරීමේ හැකියාවද තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, GSMArena වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.