Huawei සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකථන lineup එක වන Huawei Mate 40 series එක ඔක්තෝබර් 22 වනදා එළිදැක්වීමට නියමිතව ඇති බව මින් පෙර ලිපියකින් අප ඔබව දැනුවත් කළා මතක ඇති.

Huawei Mate 40 series එක මීළඟ ඔක්තෝබර් 22 වැනි දින එළිදැක්වීමට Huawei සමාගම සූදානම් වෙයි
Huawei සමාගමේ Kirin chipset එක සමඟින් නිකුත් වනු ඇති අවසාන ජංගම දුරකථන මාලාවHuawei Mate 40 ජංගම දුරකථන මාලාව වනු ඇති බව මීට පෙර අවස්ථාවක අපි ඔබව දැනුවත් කළාමතක ඇති. HiSilicon Kirin chip එකක් සමඟින් නිකුත් වන අවසාන ජංගම දුරකථනය Huawei Mate 40ජංගම දුරකථනය වනු ඇති බව වාර්තා වෙයිHuawei සමාගම සහ ඇමෙර…

එම එළිදැක්වීමේ event එකට පෙර Huawei Mate 40 series එකෙහි teaser එකක් නිකුත් කර ඇති අතර එම poster එකෙහි දැක්වෙන ආකාරයට Huawei Mate 40 ජංගම දුරකථනයට octagon-shaped camera module එකක් අන්තර්ගත වෙනවා.

මෙම නව octagonal camera setup එක cameras පහක් සහිත Huawei Mate 40 Pro+ model එකෙහි වනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර Pro+ model එක හැරුණු විට, Huawei Mate 40 සහ Mate 40 Pro models තරමක් විශාල circular camera setup එකක් සමඟ පැමිණීමට ඉඩ තිබෙනවා.

එමෙන්ම ඉහත poster එකෙහි දැක්වෙන ආකාරයට මෙහි power button එක තැඹිලි පැහැයක් ගනු ඇති අතර Mate 40 series එක මෙවැනි octagon-shaped camera module එකක් සමගින් එළිදැක්වුවහොත් octagonal camera housing එකක් සහිත පළමු වෙළඳ නාමය Huawei වනු ඇති බව gizmochina වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

කෙසේවෙතත්, Huawei Mate 40 Pro+ ජංගම දුරකථනය සඳහා මෙම නව camera design එක අන්තර්ගතවීම පිළිබඳව පැහැදිලි තහවුරු කිරීමක් තවමත් වාර්ථා වී නැත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Huawei Central වෙබ් අඩවිය, GSMArena වෙබ් අඩවිය සහ GizmoChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.