OnePlus සමාගමේ 2019 වර්ෂයේ flagship smartphone series එක වන OnePlus 7 series එක දැනට දින කිහිපයකට කලින් ඇමරිකාවේ, එංගලන්තයේ හා ඉන්දියාවේ දී එලි දැක්වීමට එම සමාගම කටයුතු කරනු ලැබුවා.

OnePlus 7 සහ OnePlus 7 pro ලෙස smartphone දෙකක් එදින හදුන්වා දුන් අතර OnePlus 7 pro ස්මාට්ෆෝන් එක පමණක් එදිනම වෙලදපොලට නිකුත් කර ඇති නමුත්, මිලෙන් අඩු OnePlus 7 දුරකතනය ලබන මාසය වන විට වෙලදපොලට නිකුත් කිරීමට ඔවුන් කටයුතු කරනු ලබනවා.

මේ දක්වා කාලය තුල ඉතා හොද තත්වයේ display සහිත smartphone වෙලදපොලට හඳුන්වාදීම සම්බන්ධයෙන් Apple සහ Samsung සමාගම් ජනප්‍රිය වී තිබූ නමුත් OnePlus 7 pro smartphone එක නිකුත් වීමත් සමග ඒ තත්වය වෙනස් වී තිබෙන බව දැකගතහැකි වෙනවා.

හර්ට්ස් 90ක් වැනි ඉතා ඉහල refresh rate එකක් සහිතව පැමිණෙන OnePlus 7 pro වල Quad HD+ Fluid AMOLED display එක, 3120x1440 resolution එකකින් සහ Gorilla Glass 6 rating එක යටතේ ඉහල quality එකකින් නිපදවීමට OnePlus සමාගම මෙවර කටයුතු කර තිබෙනවා.

මෙය අගල් 6.67ක ප්‍රමාණයකින් යුතු වන අතර HDR10 සහ HDR+ හැකියාව සහිතව නිපදවා ඇති බවටද පැවසෙනවා. කෙසේ වෙතත් බොහෝ දෙනා පවසන ආකාරයට අන් කිසිදු Smartphone තිරයක දකින්න නොලැබෙන ආකාරයේ සුපැහැදිලි වෙනසක් මෙහි දක්නට ලැබෙන බව වාර්ථා වෙනවා.

මෙහි තවත් විශේෂ ලක්ෂණයක් ලෙස ඉහලට එසවෙන ඉදිරිපස (Pop-up front facing) camera එක දැකගත හැකි වන අතර Oppo F11 pro සහ Vivo V15 pro ස්මාට්ෆෝන් වල දැකගත හැකි වු ආකාරයේම ඉදිරිපස කැමරාවක් මෙහිද දක්නට ලැබෙනවා.

මෙම ලක්ෂණය නිසා OnePlus 7 pro ජංගම දුරකතනයේ display එක notch එකක් රහිත, සම්පූර්ණ තිරයම දුරකතනය ආවරණය වන පරිදි විහිදී ඇති බව දැකගත හැක. Sony IMX586 16MP f/2.0 වන මෙහි ඉදිරිපස කැමරාව, මෝටරයක් යොදා ඉබේ ඉහලට එසවෙන අයුරින් නිපදවා ඇත.

පසුපස කැමරා 3ක් දක්නට ලැබෙන අතර, ඒවායින් main camera එක ලෙස මෙගාපික්සල් 48කින් යුත් Sony IMX586 වර්ගයේ f/1.6 aperture එකක්ද සහිත කැමරාවක් දැකගත හැක. මේ සමගම f/2.2 aperture එකක් සහිත 16MP wide lens එකක් සහිත කැමරාවක් ද දැකගත හැකි වනවා.

Oppo Reno 10x, Huawei P30 වැනි high-level ස්මාට්ෆෝන් වල දැක ගත හැකි ආකාරයේ 3X zooming capability එක සහිත 8MP, f/2.4 telephoto lens එකක්ද මෙහි අන්තර්ගත වන අතර ඉතා හොද තත්වයේ ඡායාරූප capture කිරීමේ හැකියාව මෙම කැමරා ත්‍රිත්වය මගින් OnePlus 7 pro ස්මාට්ෆෝන් එකට ලැබී තිබෙනවා.

Qualcomm Snapdragon 855 chipset එකකින් සහ Octa-core processor එකකින් මෙම ස්මාට්ෆෝන් එක බලගැන්වෙන අතර Adreno 640 GPU එකක් මගින් graphical optimization සිදු කරනු ලබන අතරම 6GB, 8GB මෙන්ම 12GB දක්වා අවශ්‍ය පරිදි RAM capacities තෝරා ගැනීමේ හැකියාවද ලබා දී තිබෙනවා.

එම නිසා gaming වලදී, වඩා කාර්‍යක්ෂම මෙන්ම, lag වීම් වලින් තොර gameplay අත්දැකීමක් ලබාගැනීමට OnePlus 7 පරිශීලකයන් හට හැකියාව ලැබෙනු ඇතැයි පැවසෙනවා.

අනෙකුත් features ලෙස, Optical in-display fingerprint sensor එකක් මෙහි screen එකේ පහලට වන්නට අන්තර්ගත වන අතර, Dual nano-SIM, Bluetooth 5.0 සහ NFC පහසුකම් ද මෙහි අන්තර්ගත වෙනවා.

OnePlus සමාගමේ මෙහෙයුම් පද්ධතිය වන OxygenOS එකේ Android 9 Pie සංස්කරණය පදනම් කරගෙන නිකුත් කළ සංස්කරණයක් මගින් මෙය බළගැන්වෙන අතර 4000mAh අගයකින් යුත් බැටරියක් සහ Warp charge 30 නම් 5V, 6A නම් fast charging ක්‍රමවේදයත් මෙම ස්මාට්ෆෝන් ද්විත්වයෙහිම දක්නට ලැබෙනවා.

OnePlus 7 pro ස්මාට්ෆෝන් එකේ දැකිය නොහැකි features ලෙස wireless charging පහසුකම, 3.5mm headphone port එක සහ IPS water resistant rating එකක් නොමැති බව පෙන්වාදිය හැකි නමුත් මීට පෙර දැනුවත් කළ පරිදි මේ OnePlus 7 Pro ජංගම දුරකථනය Water resistant පහසුමක සහිතව නිපදවා තිබෙනවා.

Mirror Grey, Nebula Blue සහ Almond යන වර්ණ ත්‍රිත්වයකින් OnePlus 7 Pro ස්මාට්ෆෝනය වෙලදපොලට පැමිණෙනු ඇත.

OnePlus 7 proහී මිල ගනන් ලෙස අවමය (6GB+128GB) ඇමරිකානු ඩොලර් 669කටත්, උපරිමය (12GB+256GB) ඇමරිකානු ඩොලර් 799ක් ලෙසත් වාර්ථා වෙනවා.

OnePlus 7 pro සහ OnePlus 7 හී ඇති මූලික වෙනස්කම්

OnePlus 7 යනු අගල් 6.41ක notch එකක් සහිත AMOLED තිරයක් සහිත Pro version එකට වඩා මිලෙන් අඩු ජංගම දුරකතනයයි. මෙයට rear camera 2ක් පමණක් ඇති අතර main camera එක ලෙස pro version එකෙහි ඇති 48MP කැමරාව ද ඊට අමතරව 5MP depth sensor එකක් දක්නට ලැබෙනවා.

3700mAh බැටරියකින් සමන්විත මෙය Warp charge 20 පහසුකම තිබෙනවා. Mirror Grey හා Red යන වර්ණයන්ගෙන් පමණක් වෙලදපොලට පැමිණෙන මෙය, ඇමරිකාවේ වෙලදපොලට නිකුත් නොකරන බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, AnandTech වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.