OnePlus සමාගමේ අලුතින්ම නිකුත්වීමට නියමිත ජංගම දුරකථනය වන OnePlus 7 ජංගම දුරකථනය වතුර බාල්දියකට දමන වීඩියෝවක් ඔවුන් විසින් social media හරහා මුදාහැරීමට පසුගිය දිනක OnePlus සමාගම කටයුතු කර තිබුණා.

මෙහි සඳහන් වූයේ "Water resistant ratings for phones cost you money, We bought something less expensive instead", එනම් Phone එකකට Water resistant ratings එකක් ලබා ගන්නවා නම්, ඒ වෙනුවෙන් ඔයාගේ මුදල් වියදම් වෙනවා. ඉතින් අපි ඒ වෙනු‍වට මිළ අඩු දෙයක් (ක්‍රමයක්) මිලදී ගත්තා." යනුවෙනුයි.

මේ අනුව විශාල මුදලක් ගෙවා IP Rating, එහෙමත් නැතිනම් Water resistant certification එකක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් බාල්දියක් මිලදීගෙන එයට වතුර පුරවා ඔවුන් විසින්ම අදාල පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කළ බව මෙයින් අදහස් වෙනවා.

IP67 කියන rating එක ගතහොත් සාමාන්‍යය ජලය තුළ මීටර් එකක් දක්වා ගැඹුරක මිනිත්තු 30ක කාළ සීමාවක් තිබුණද අදාල device එකට කිසිඳු හානියක් නොවන බව සඳහන් වුවද, ලුණු වතුරට වැටීම, කෝපි, සෝඩා හෝ බියර් වැනි දෙයක් මතට වැටීම සහ toilet එකට වැටීම වැනි සැබෑ ජිවිතයේදී සිදු විය හැකි දේ පිළිබඳව වගකීමක් ගැනීමට ඔවුන් කටයුතු කරන්නේ නැහැ.

OnePlus සමාගමේ co-founder කෙනෙකු වන Carl Pei විසින් blog post එකක් හරහා කියා සිටියේ IP Rating එක ලබා ගැනීම මේ සඳහා වන පහසුම ක්‍රමය වුවත්, මේ certificate එක හරහා ඔවුන් බළාපොරොත්තු වන සැබෑ අත්දැකීම ‍නොලැබෙන බවත්, සැබෑ ජීවිතයේදී මෙය වැදගත් විය හැකි ආකාරය ප්‍රායෝගික අත්හදා බැලීමට මොවුන් හට මේ හරහා හැකියාව ලැබුණු බවත් ප්‍රකාශ කර සිටිනවා.

කොහොම නමුත් මෙය bucket challenge එකක් නොවන බවත්, OnePlus සමාගම විසින් ඔබ OnePlus 7 Pro එක වතුර බාල්දියකට දැමීම අනුමත නොකරන බවත්, OnePlus warranty එක හරහා water damage සඳහා ආවරණයක් තවමත් ලබා නොදෙන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ OnePlus 7 Pro ජංගම දුරකථනය මේ මස 14 වැනිදා එළිදැක්වීමට නියමිත අතර මේ සියළුම අදහස් දැක්වීම වලින් අනාගතයේදී IP Rating වැනි certification ක්‍රමයකට අනාගතයේදී ද නොයන බව අදහස් නොවන බව Carl Pei විසින් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා නිළ OnePlus Forum එක භාවිතා කළ හැක.